මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගම බේරුවල හානියට පත් නිවාස ඉදිකිරීම හා අලුත්වැඩියාවන් කඩිනමින්

    ඔක්තෝබර් 01, 2014
    අලුත්ගම හා බේරුවල ප්‍රදේශවල පසුගිය කාලයේ සිදු වූ කලබල හේතුවෙන් අලාභහානියට පත්වූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන අලුත්වැඩියා කිරීම හා ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බව අද (01) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‍ගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසා සිටියේය.
    ඒ අනුව මේ වන විට නිවාස 131ක්‍ සම්පූර්ණයෙන් ම නිමා කර ඒවායේ අයිතිකරුවන්ට භාරදී ඇති අතර තවත් නිවාස 87ක කටයුතු සිදු කරමින් පවතී.
     
    අලාභහානියට පත් ව්‍යාපාරික ස්ථාන 49ක වැඩකටයුතු නිමා කර අයිතිකරුවන්ට භාරදී ඇති අතර තවදුරටත් සාදා නිමකිරීම සඳහා ඇති ව්‍යාපාරික ස්ථානවල සංඛ්‍යාව 24කි.
     
    මෙම කටයුතු මේ වන විට ආරක්ෂක හමුදාවන් විසින් කඩිනමින් සිදු කරගෙන යනු ලබන අතර තවදුරටත් නීත්‍යානුකූල ව කටයුතු සිදු කිරීමට ඇති නිවාස හා ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඇති බව පැවසූ වනිගසූරිය මහතා ඒවායේත් නීත්‍යානුකූල කටයුතු නිමා කර භාර දුන් වහාම එකී නිවාස ද කඩිනමින් අලුත්වැඩියා කර අයිතිකරුවන්ට භාරදීමට කටයුතු කරනු ලබන බව ද මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya