මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරණමඩු ජලාශයේ ධීවර කටයුතුවලට බාධා එල්ලවීමේ සිද්ධියට ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධයක් නෑ - යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 01, 2014

    කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය ආශ්‍රිත ධීවර කර්මාන්තයේ නිරතවන ධීවරයින්ට ඇති වූ බාධාවලට ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක අංශවල සම්බන්ධයක් නැති බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා අද (01) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ආරක්ෂක මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් පැවසීය.


    පසුගියදා ‍ඉරණමඩු ජලාශය ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ට සිය ධීවර කටයුතුවලට බාධා එල්ල වූ බව විවිධ මාධ්‍ය වාර්තා කළේය.

     

    මේ දිනවල  ‍ඉරණමඩු ජලාශයේ ජල මට්ටම අවම මට්ටම ක පවතින බැවින් ඉරණමඩු ගැමි පවුල් 150ක පමණ එකමුතුවෙන් පවත්වාගෙන යන ධීවර සංගමයක් මඟින් ගනු ලැබූ තීරණයක් මත ධීවර සංගමයේ සාමාජිකයින් පමණක් මෙම ඉරණමඩු වැවේ ධීවර කටයුතුවල නිරත වූ බව බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ප්‍රකාශ කළේය.

    එය එම ගම්වාසීන්ගේ ජීවිකාව රැකගැනීමට ඔවුන් විසින් ම ගනු ලැබූ තීරණයක් වන අතර බාහිරින් පැමිණෙන ධීවරයින්ට ධීවර කර්මාන්තයේ නිරතවීමට ගම්වාසීහු ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් එයට ආරක්ෂක හමුදාවන්ගේ කිසිදු මැදිහත්වීමක් සිදුවී නොමැති අතර ඇතැම් පුද්ගලයින් විසින් ඉහත ධීවර සංගමය විසින් සිදු කරනු ලැබූ එම ක්‍රියාව සම්පූර්ණයෙන් විකෘති කර දැක්වීමක් බවද මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya