මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2050දී මෙරට වැඩිහිටි ප්‍රජාව 22%ක්

    ඔක්තෝබර් 01, 2014

    ශ්‍රී ලංකාව, ආසියානු කලාපයේ ප්‍රජාව අතරින් වැඩිහිටියන් බවට පත්වීමේ ප්‍රවණතාවෙන් ඉදිරියෙන් සිටින බවත් දැනට ලංකාවේ වැඩිහිටි ජනගහනය 14%ක් වන අතර 2031 වන විට එය 22%ක් දක්වා විය හැකි බව වැඩිහිටි වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශ්‍රී ලංකා සංගමයේ ලේකම්, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අචලා බාලසූරිය මහත්මිය පැවසුවාය.


    ඇය මේ පිළිබඳ ව සඳහන් කළේ ඊයේ (30) වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය පිළිබඳ ව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමකට එක්වෙමිනි.

    සෑම මිනිසුන් පහෙන් එක් අයෙක් වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්ය. ඉක්මනින් ම වයසට යන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ඊට හේතු වී ඇත්තේ 1920 සිට මෙරට මරණ අනුපාතය අඩුවීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුව, වෛද්‍ය පහසුකම් ජනතාවට ලබා ගැනීමට ඇති පහසුව යනාදියයි. දැනට වැඩිහිටි ජනතාව සිටින දිස්ත්‍රික්ක අතරින් ප්‍රථම ස්ථානය කොළඹත් පිළිවෙළින් ගම්පහ, කළුතර, කුරුණෑගල හා මහනුවර සෙසු ස්ථාන හිමි කර ගෙන ඇත. 2000දී 10%ක් වූ මෙරට වැඩිහිටි ජනගහනය 2050දී නැගෙනහිර යුරෝපීය රටවල් පරදවා ඉදිරියට යනු ඇති බව ද ඇය පැවසීය.

    වැඩිහිටියන් අතර වයස අවුරුදු 80ට වැඩි අය 11%ක් සිටිති. ස්ත්‍රීන්ගේ ආයු කාලය වැඩි නිසා වැඩිහිටි ප්‍රජාව අතර පුරුෂ පක්ෂයට වඩා ස්ත්‍රී පක්ෂය වැඩියෙන් සිටිති. මේ සඳහා පුරුෂ පක්ෂයේ දුම්බීම, මත්පැන් පානය වැනි අහිතකර ක්‍රියාකලාපයන් ද හේතු වන්නේ ඔවුන්ගේ ආයු කාලය අඩු බැවිනි. කාන්තා පාර්ශවයේ වැඩිවීම නිසා සෞඛ්‍ය, ආරක්ෂා කිරීම වැනි සමාජ ගැටලු පැනනැගී ඇත. ආර්ථික වශයෙන් රටේ වැඩිහිටි ජනතාව නිසා ශ්‍රම බලකායේ අඩුවීමක් සිදු වන බව ද වෛද්‍යවරිය සඳහන් කළාය.

    දැනට ලංකාවේ වැඩිහිටි සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් නොමැත. මේ තත්ත්වය නිසා වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය සඳහා පුහුණුව ලබාදීමට පශ්චාත් උපාධි ආයතනය කොළඹ දැනට සේවය කරන වෛද්‍යවරුන් සඳහා පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කෙරිණි. මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ වැඩිහිටි ප්‍රජාව ගැන දැනුවත් කිරීමට වැඩමුළු පැවැත්වීම සඳහා සාකච්ඡා පවත්වයි. ඒ සඳහා පසුගිය පෙබරවාරි මසදී වැඩිහිටි සෞඛ්‍ය සඳහා වන ශ්‍රී ලංකා සංගමය පිහිටුවනු ලැබූ බව ද ඇය සඳහන් කළාය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya