මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරභාගයේ සහ රාත්‍රියේ දී දිවයින පුරා වැසි හෝ ගිගුරුම් සහිත වැසි Featured

    ඔක්තෝබර් 01, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අද (01) අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී  දිවයින පුරා ම පාහේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  


    අද උදෑසන 05.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.


    බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැක.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

     

    ගාල්ල සහ කොළඹට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් සහ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි.

    ත්‍රිකුණාමලයට යාපනයට මන්නාරමට අනුරාධපුරයට මඩකළපුවට නුවරඑළිය, මහනුවර සහ රත්නපුරයට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    අද උදෑසන 5.30 වනවිට මි.මී. 34.7ක වර්ෂාපතනයක් අනුරාධපුරයෙන් ද මි.මී. 20.7ක වර්ෂාපතනයක් බණ්ඩාරවෙලින් ද මි.මී. 22.5ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 107.1ක වර්ෂාපතනයක් කටුගස්තොටින් ද මි.මී. 162.6ක වර්ෂාපතනයක් කුරුණෑගලින් ද මි.මී. 71.1ක වර්ෂාපතනයක් මහඉලුප්පල්ලමින් ද මි.මී. 178.1ක වර්ෂාපතනයක් රත්නපුරයෙන් ද මි.මී. 24.1ක වර්ෂාපතනයක් රත්මලානෙන් ද වාර්තා වී තිබේ.


    අද උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.°C අනුරාධපුරයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.3°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.7°C නුවරඑළියෙන් ද මි.මී. 121.8ක උපරිම වර්ෂාපතනය මීගමුව හොරගස් ආර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya