මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක සංචාරක දිනය සැප්: 27 අහුංගල්ලේදී සැමරේ

    සැප්තැම්බර් 25, 2014

    එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය (UNWTO) 1970 වසරේ  සැප්තැම්බර් මස 27 වෙනි දින ලෝක සංචාරක දිනය ලෙස නම් කිරීමත් සමඟ අඛණ්ඩ ව සෑම වසරක ම ලෝක සංචාරක දිනය සමරනු ලැබීය.


    1980 වන විට මෙහි අර්ථය තව දුරටත් පුළුල් කරමින් සමාජ, සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික යන සෑම අංශයක් ම නියෝජනය වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලෝක සංචාරක දිනය සැමරීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබේ.


    මෙවර ලෝක සංචාරක දිනය මෙම මස (27) වෙනි දින අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක හා හෝටල් කළමනාකරණ අධ්‍යයන අංශය, අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලය සහ දකුණු පළාත් සංචාරක හෝටල් සංගම් ඒකාබද්ධ ව මෙවර ලෝක සංචාරක දින සැමරුම් උත්සවය සංවිධානය කෙරේ.


    “සංචාරක හා ප‍්‍රජා සංවර්ධනය” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ලෝක සංචාරක දිනයේ දී අහුන්ගල්ල ප‍්‍රදේශය ආශ‍්‍රිත ව උත්සව රැසක් පැවැත්වේ. මෙහි සමාරම්භක උත්සවයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුරංග සිල්වා සහ රෆීන් එන් රසීන් යන මහත්වරුන්  “සංචාරක හා ප‍්‍රජා සංවර්ධනයේදී සංචාරක ව්‍යාපාරයේ භූමිකාව” යන මැයෙන් දේශන පැවැත්වීමට නියමිතය.


    සංචාරක කර්මාන්තයේ තිරසාර බව කරා යන ගමනේදී ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමමින් සංචාරක කර්මාන්තය නිසි දිශාවට යොමු කිරීමේ අරමුණින් මෙවර ලෝක සංචාරක දිනය සැමරේ. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය කුමාර් හිරිඹුරේගම මහතා සහභාගී වනු ඇත.


    මීට සමගාමී ව හෙරිටන්ස් හෝටලයේ සිට අහුන්ගල්ල බස් නැවතුම දක්වා “තිරසාර සංචාරක සංවර්ධනයක් සඳහා වගකිව යුතු ප‍්‍රජා සාමාජිකයින් වෙමින් අපගේ ගමනාන්තය වඩා ආකර්ෂණීය කරමු” යන තේමාව යටතේ ගමන් කරන පාගමනක් සංවිධානය කර ඇත.


    එදින පස්වරුවේ අහුන්ගල්ල ශ‍්‍රී පුලිනතලාරාම විහාරස්ථානයේ දී ප‍්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් හා හෙරිටන්ස් හෝටල් සම්මන්ත‍්‍රණ ශාලාවේදී සංචාරක කර්මාන්තයේ නියැළි පුද්ගලයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පැවැත්වේ.



    තවද අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලයේදී වෘත්තීය සංවර්ධන වැඩසටහනක් පැවැත්වෙන අතර මෙහිදී ආචාර්ය පබ්ලිස් සිල්වා සහ වෛද්‍යාචාර්ය නවාස් යන මහත්වරු දේශන පැවැත්වීමට නියමිතය.


    එමෙන් ම බලපිටිය මූලික රෝහලේ ළමා වාට්ටුව පිළිසකර කිරීමේ වැඩසටහනක් ද එදින ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya