මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රීලංකන් වෙතින් විශේෂ ගමන් මලු වාසියක්

    සැප්තැම්බර් 24, 2014

    ශ්‍රීලංකන් ගුවන් සමාගම යුරෝපය වෙත ඍජුව ම මෙහෙයුම් සිදු කරන ප්‍රමුඛයා වශයෙන් එම කලාපය වෙත පියාසර කරන ගුවන් මගීන් සඳහා අමතර බඩු බාහිරාදිය රැගෙන යාමට සහ ඒමට විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ.


    මේ යටතේ ගුවන් මගීන්ට ගාස්තු රහිත ව කිලෝ ග්රෑම් 15ක අමතර බරක් රැගෙන යාමේ අවස්ථාව උදාවනු ඇත. ඒ අනුව පිරිමැසුම් පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි සමස්ත බර ප්‍රමාණය කිලෝ ග්රෑම් 45 වන අතර ව්‍යාපාරික පන්තියේ මගීන් සඳහා රැගෙන යා හැකි බර ප්‍රමාණය කිලෝ ග්රෑම් 55 දක්වා වැඩිවනු ඇත.


    මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාල දිවයින් සහ ශ්‍රී ලංකා කලාපීය කළමනාකරු සමින්ද පෙරේරා මහතා සඳහන් කළේ ගුවන් මගීන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් පවුලේ හිතවතුන් දැක බලා ගැනීම සඳහා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා  යුරෝපය වෙත සංචාරය කරන  සිසුන්ට අවශ්‍ය බොහෝමයක් දෑ රැගෙන යාමට මෙම වැඩිපුර ගමන් මලු වාසිය තුළින් අවස්ථාව උදා වන බවයි.‍ එසේම ජාතික ගුවන් සේවය වශයෙන් දේශීය පාරිභෝගිකයන් සඳහා ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම දීමනාව හඳුන්වා දුන් බවත්, මෙය ඔවුන්ට අගනා අවස්ථාවක් වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.


    එසේම මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් විකුණුම් කළමනාකරු (ඒජන්සි සහ ගුවන් මගීන්) ශ්‍රී ලංකාව, ෆවුසාන් ෆරීඩ් මහතා සඳහන් කර සිටියේ ඕනෑ ම ගුවන් සේවාවක් වට්ටම් සහිත ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදෙන නමුත් මෙය ඊට වඩා වෙනස් වන අතර මෙම දීමනාව මගින් ගුවන් මගීන්ට අති විශාල වටිනාකමක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම බලාපොරොත්තු වූ බවයි.


    එසේම යුරෝපය වෙත අමතර ගමන් මලු රැගෙන යාම සඳහා අවස්ථාව ලබාදීම නිසා ගුවන් මගියෙකුට රුපියල් 50,000ට වැඩි ඉතිරියක් සමගින් මෙම සුවිශේෂී දීමනාව අත්විඳීමට අවස්ථාව හිමි වූ බවත් එය මීට පෙර සංචාරකයින්ට නොලැබුණ විශේෂ වරප්‍රසාදයක්  බවද හෙතෙම පෙන්වා දුන්හ.


    මෙමගින් ගුවන් මගීන්ට යුරෝපයේ සිටින සිය හිතවතුන් දැක ගැනීම සඳහා අවශ්‍ය කරන බඩු බාහිර රැගෙන යාමට පමණක් නො ව යුරෝපයේ සිට නැවත පැමිණීමේදී තෑගි සහ සිහිවටන රැසක් ගෙන ඒමටත් අවස්ථාව සැලසෙන අතර, කිසිදු අයුරකින් තමන්ගේ ගුවන් භාණ්ඩවල බර ප්‍රමාණයන් පිළිබඳ සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි. මෙම කිලෝ ග්රෑම් 15 බර දීමනා තුළින් වෙනසක් සහ සහනයක් ගුවන් මගීන්ට හිමි වන බවත්, දෙසැම්බර් මාසය වන තෙක් එම අවස්ථාව ලැබෙන බවද ඒ මහතා පැවසීය. එසේ ම උසස් අධ්‍යාපනය කටයුතු සඳහා විදේශ ගත වන සිසුන්ට මෙන්ම නත්තල් නිවාඩු සමයේ යුරෝපය වෙත සංචාරයේ යෙදෙන ගුවන් මගීන්ට මෙය විශේෂ වාසියක් වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 



    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ප්‍රථම වරට සිය ගුවන් මගීන් වෙත ලබාදෙන මෙම සුවිශේෂී අවස්ථාව කොළඹ සිට ඍජු ගමනාන්ත සිදුකරන රෝමය, ලන්ඩන්, මොස්කව්, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස් යන ගමනාන්ත වෙත පියාසර කරන  ගුවන් මගීන්ට අත්වීදීමේ අවස්ථාව මෙයින් උදා වී ඇත. යුරෝපය වෙත සතියකට ගුවන් ගමන් 22ක් සිදු කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපය තුළ ප්‍රමුඛත ම ඍජු ගුවන් මෙහෙයුම්කරු ලෙස පත් ව තිබේ.


    මෙම විශේෂ ගමන් මලු දීමනාව මේ මස 15 දා සිට  දෙසැම්බර් මස 31 වෙනි දිනට පෙර ශ්‍රීලංකාවෙන් වෙන්කර ගන්නා ගුවන් ටිකට්පත් සඳහා පමණක් වලංගු වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලයෙන් ලබා ගත හැකි අතර කොළඹ, නුවර, ගාල්ල, අලුත්ගම, මඩකළපුව, ගම්පහ, හම්බන්තොට, යාපනය, ත්‍රිකුණාමලය, වව්නියාව සහ වෙන්නප්පුව යන නගරවල මෙම කාර්යාල විවෘතව පවතී.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya