මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 25කට පසු දුම්රියක් යාපනයට

    සැප්තැම්බර් 23, 2014

    වසර විසිපහකට පසු උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් යාපනය දක්වා ධාවනය කිරීම ඊයේ (22) සිදු කෙරිණි. 


    මේ අවස්ථාවට සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහභාගි වූ අතර එහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා මේ පිළිබඳ උතුරේ ජනතාව ඉමහත් සතුටට පත් වූ බවත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස යාපනයට දුම්රියක් ධාවනය කිරීමට හැකිවූ බවත් පැවසීය.

     

    මේ දුම්රිය චාරිකාවට දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී. ආරියරත්න, ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    එහිදී අදහස් දැක්වූ දේවානන්දා මහතා මෙසේද පැවසීය. "උතුරේ ජනතාව කොළඹ යෑමට එදා දින 03ක් ගත වුණා. නමුත් දුම්රිය ධාවනයත් සමඟ එය එක් දිනක දී පැය කිහිපයකින් කොළඹට ළඟාවීමට පහසුවක් ඇති වෙනවා. මේ පහසුකම් මධ්‍යයේ ලබන මස 13 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දිනපතා දුම්රිය ධාවනය කිරීමේ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීමෙන් පසු කිසිදු කරදරයක් නැති ව ගමන් බිමන් යෑමේ පහසුව සැලසෙනු ඇතැයි" කීය.

     

    දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා පැවසුවේ 1990 ජූලි මාසයෙන් පසු යාපනයට දුම්රියක් ළඟා වූයේ ඊයේ දිනයේ බවයි. දුම්රිය යාපනයට ළඟා වන විට උතුරේ ජනතාව ප්‍රීතිඝෝෂා නඟමින් පිළිගත්තා. ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් දකුණේ ජනතාවට උතුරට දුම්රියෙන් යෑමට පහසුකම් සලසා තිබෙනවා. දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් පසු පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමත් සමඟ ජනතාව දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේ දී ඉතා කල්පනාකාරී විය යුතුයි. උතුරේ ජනතාවටත් දුම්රිය ආසන වෙන් කිරීමේ දී දින 45කට පෙර සිට පහසුකම ලබාදී තිබෙනවා. ජනතාව තමන්ගේ වාහනයක් මෙන් ආරක්ෂාකාරී ව ඉතා ආදරයෙන් දුම්රිය භාවිතය කරන්නේ නම් හොඳ ප්‍රවාහන සේවාවක් ඇති කළ හැකි බව ද ආරියරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya