අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගෝස්තු මාසයේ සංචාරක පැමිණීම 140,319ක්

    සැප්තැම්බර් 19, 2014
    2013 වසරේ අගෝස්තු මාසයේ 123,269ක් වූ සංචාරක පැමිණීම 2014 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ 140,319 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
     
    ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, ජර්මනිය සහ ප‍්‍රංශය සංචාරකයන් පැමිණීමේ ප‍්‍රධාන මූලාශ‍්‍ර පහ වූ අතර 2014 වසරේ අගෝස්තු මාසය තුළ මෙම රටවලින් පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය, වාර්තා වූ මුළු සංචාරක පැමිණීම්වලින් සියයට 47.6 කට අගයක විය. 
     
    2014 වසරේ අගෝස්තු මාසයේ සංචාරක ඉපැයීම් 2013 වසරේ අගෝස්තු මාසයේ වූ එ.ජ. ඩොලර් මිලියන 165.9 ක සිට එ.ජ. ඩොලර් මිලියන 202.7ක් දක්වා සියයට 22.2කින් ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 
     
    මේ අතර, සමුච්චිත පදනම මත, සංචාරක පැමිණීම් 2014 වසරේ අගෝස්තු මස දක්වා සියයට 23.1 කින් වර්ධනය වූ අතර එම කාල පරිච්ඡේදය තුළ සංචාරක ඉපැයීම් සියයට 32.1 කින් එ.ජ. ඩොලර් මිලියන 1,447.2ක් දක්වා වර්ධනය විය.
     
     DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya