අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුසුම්නා ආබාධ පුනරුත්ථාපන පිළිබඳ විද්‍යාත්මක වැඩමුළුව සෞඛ්‍ය ඇමතිගේ ප්‍රධානත්වයෙන් Featured

    සැප්තැම්බර් 19, 2014
    සුසුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලය මඟින් 03 වෙනි වරටත් සංවිධානය කළ සුසුම්නා ආබාධ පුනරුත්ථාපන පිළිබඳ විද්‍යාත්මක වැඩමුළුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
     
    දිනෙන් දින ඉහළ යන හදිසි අනතුරු හා රිය අනතුරු නිසා සුසුම්නා ආබාධවලට ලක්ව ආබාධිත වන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන නිසා ඒ පිළිබඳ සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමු වී ඇත. එම ආබාධිත තත්ත්වයට පත්වන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු පිළිබඳවත් ඔවුන්ගේ කායික හා මානසික තෘප්තිමත්භාවය ඇති කිරීම සඳහාත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව මේ සැසිවාරයේදී සාකච්ඡා කෙරිණි.
     
    හදිසි අනතුරු සිදු වූ විට එම රෝගීන් එම ස්ථානයේ සිට ප්‍රතිකාර සේවා සපයන ස්ථාන කර රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත පිළිබඳ ව ජනතාවගේ දැනුම ඉතා අල්ප බැවින් බොහෝ විට සුසුම්නා ආබාධ තත්ත්වයට රෝගීන් ගොදුරු වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. එම තත්ත්වය මගහරිමින් නිසි ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරමින් එම රෝගීන් ප්‍රතිකාර සේවා සපයන ස්ථාන වෙත යොමු කිරීම පිළිබඳ ව මහජනතාව දැනුවත් කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
     
    මේ අවස්ථාවේ අදහස‍් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, අප රට තුළ ප්‍රධාන වශයෙන් ම හදිසි අනතුරු සැලකිල්ලට ගත් විට වැඩිපුරම අනතුරු වාර්තා වන්නේ යතුරුපැදි හේතුවෙන් සිදු වන අනතුරුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
     
    සුසුම්නා ආශ්‍රිත ව රෝගී වන පුද්ගලයන්ගේ කායික හා  මානසික සංවර්ධනය සඳහා මේ වැඩමුළුවට සමගාමී ව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ මඟින් මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශකත්වය ඇති ව සකස් කරන ලද සුසුම්නා අනතුරු පිළිබඳ ප්‍රතිපත්ති මාලාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි සමාරම්භය ද මෙහිදී සිදු විය.
     
    මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ෆිර්දෝසි රූස්ටම් මෙහෙතා, සුසුම්නා අනතුරු පිළිබඳ ව ශ්‍රී ලංකා ජාලයේ සභාපති විකලාංග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ හා එහි ලේකම් විශේෂඥ වෛද්‍ය දුමින්ද මුනිදාස යන මහත්වරු එක් ව සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya