මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු පැසිපික් තැපැල් සංගමයේ විධායක රැස්වීම අද

    සැප්තැම්බර් 15, 2014
    ආසියානු පැසිපික් තැපැල් සංගමයේ (APPU) 2014 වාර්ෂික විධායක සභා රැස්වීම 
    අද (15) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වේ.
     
    අදින් ආරම්භ වන විධායක සභා රැස්වීම ලබන 19 දා දක්වා පැවැත්වීමට නියමිතය.
    විධායක සභා රැස්වීම සඳහා විශ්ව තැපැල් සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු විදේශ 
    නියෝජිතයන් 150ක් පමණ සහභාගිවීමට නියමිතය.
     
    පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක සමුළුවෙන් 
    පසුව රටවල් 32ක සහභාගිත්වයෙන් පැවත්වෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම 
    තුළින් ශ්‍රී ලංකාව පිළිබඳ සැබෑ ප්‍රතිරූපය ජාත්‍යන්තරයට ගෙන යාමටත්, ශ්‍රී ලංකාවේ 
    සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහාත් මහඟු පිටුවහලක් වනු ඇත.
     
    මේ හරහා කලාපීය තැපැල් සේවා සබඳතා වැඩිදියුණු කරගැනීමෙන් ශ්‍රී ලංකා තැපෑලට 
    ජාත්‍යන්තර ව්‍යාපාරික අවස්ථා ලබා ගැනීමටත් එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ 
    ප්‍රවර්ධනයටත් රුකුලක් වනු ඇත.
     
    මෙම අවස්ථාව සඳහා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, නියෝජ්‍ය අමාත්‍ය 
    සනත් ජයසූරිය මහත්වරු ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය. 
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya