එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ; “අපේ කලාපීය ආර්ථීකය දැන් ගමන් කරමින් සිටින දිශාව ගැන දැනුවත් භාවයක් අප ලබාගත යුතුයි. 1977 දී විවෘත ආර්ථීක ක්‍රමය හඳුන්වා දුන් අතර මෙම ආර්ථීක ක්‍රමය ආරම්භ කළ මුල් වකවානුවේ ආර්ථීකයේ සීග්‍ර වර්ධනයක් ඇති විය. එයට හේතු සාධක ගණනාවක් තිබු අතර ගම්බද ව ලාභ ශ්‍රමය එකල බහුල විය. ලාභ බලශක්තිය තිබුණි. ජල විදුලිය පමණක් භාවිත කළ අතර සුළු මුදලකට විදුලි ඒකකය ලබා දුනි. එමෙන් ම දැඩි පරිසර නීති එකල නො වූ බැවින් ව්‍යාපාරිකයන්ට මෙන් ම විශේෂයෙන් විදේශ ආයෝජකයන්ට ප්‍රශ්නවලින් තොර ව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණි.
පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය අතරින් ආසියානු කලාපයේ මුලින් ම විවෘත ආර්ථීකයට රට විවෘත කළේ ශ්‍රී ලංකාවයි. එකල අපේ රජයේ විදේශ ප්‍රතිපත්තිය නිසා අපට ලෝකයේ විශාල වෙළෙඳපොළක් විවෘත වූ අතර ඉන් වාසිදායක තත්ත්වයක් එකල නිර්මාණය විය. දැන් අප එදෙස හැරී බලන විට මෙම වාසිදායක තත්ත්වයන් එකක්වත් නොමැති බව පැහැදිලි වන අතර ලාභ ශ්‍රමය, ලාභ බලශක්තිය හා පහසු පරිසර නීති දැන් අපට නැත. ශ්‍රම බලකාය දැන් ක්‍රමයෙන් වියපත් වෙමින් පවතිනවා සේ ම අද වන විට අවුරුදු 60ට වැඩි පිරිස 13%ක් වී තිබේ. වර්ෂ 2040 වන විට මෙය 26%ක මට්ටමට ලඟාවෙයි. අද ලංකාවේ ජනගහණ වර්ධන වේගය 0.7 %කි. අපේ සිටින ශ්‍රම බලකායෙනුත් 23%ක් විදේශ ගත වී සිටින අතර තරුණ ශ්‍රම බලකායක හිඟයක් ඉදිරිකාලයේදී ඇතිවීම නියත බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව මෙම කලාපයේ බලශක්ති මිල ඉතා ම වැඩි රටක් බවට පත් ව ඇති අතර මෙය මෙරට විදේශ ආයෝජනයන් ඇති නොවීමට ද හේතු වී තිබේ. දැනටමත් අපට යුරෝපයේ, උතුරු ඇමෙරිකා වෙළෙඳපොළ තුළ විවිධ අවහිරතා සහ බලපෑම් ඇති වී තිබේ. මෙය ඉදිරියට මෙයට වඩා වැඩිවීමක් සිදුවන අතර අප මෙතෙක් පැමිණි ගමන් මගේ එක් සංධිස්ථානයකට දැන් පැමිණ තිබේ. මෙම ගමන් මගේ ම එනම්, මැදි ආදායම් තත්ත්වයේ ම තවදුරටත් ඉදිරියට යාමට හැකිද යන ප්‍රශ්නය මතුව තිබේ.
2020 වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 7000ක මට්ටමකට පත්කිරීමට නම් දැන් තිබෙන වටපිටාව, දැන් තිබෙන තත්ත්වයන්ගේ සම්පූර්ණ වෙනසක් අපට අවශ්‍ය වේ. එහිදී විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයනුත්, නව තාක්ෂණයෙනුත් නව පිම්මක් අපට අවශ්‍ය වේ. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින තරගකාරීත්වය නිසා තාක්ෂණික වශයෙනුත්, ප්‍රාග්ධනමය වශයෙන් හා අලෙවිකරණයෙනුත් අපේ පවතින උපාය මාර්ගයන් වෙනස්කොට නව දැක්මක් ඇතිකරගත යුතුයි. ඒ සඳහා ඉදිරියේදී වර්ධනය කළ යුතු තාක්ෂණයන් මොනවාද යන්නත් ඒ සඳහා අප ගත යුත්තේ කුමන ප්‍රවේශයන්ද යන්නත් ඇතුළත් සැලැස්මක් අපේ අමාත්‍යාංශය මඟින් අපි ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම විදාතා වැඩසටහන යටතේ ද මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟාසිටුවීම සඳහා වැඩසටහන් දියත් කිරීම සිදුකරමින් තිඛෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දියුණු කරලීම ජීවන වියදමට, විරැකියාවට, රටේ අදායම උපදවීමට තිරසර පිළිතුරකි. මෙරට ඉහළ ම ආදායම් ලබන 20% රටේ ආදායමෙන් 53% ක් ගන්නා අතර පහළ ම ආදායම් ලබන 20% රටේ ආදායමෙන් ලබාගනුයේ 5%කි. මෙම පරතරය අප අඩුකළ යුතුයි. නොයෙක් දේ තුළින් අප දියුණුව ලබාගත්ත ද මෙම පරතරය අඩුකර ගැනීමට අපට නොහැකි වී තිබේ. මෙය අඩුකර ගැනීමට එක ම අත්වැල පහළ මට්ටමේ අයගේ ආදායම් වැඩිකරලීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කිරීම වන අතර ඒ සඳහා රටට තිබෙන හොඳම උපාය මාර්ගය නවෝත්පාදනය බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
MAP