මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප‍්‍රශ්නපත‍්‍ර ඇගයීම් කෙරෙන පාසල්වලට සැප්: 14 - 27 නිවාඩු

    සැප්තැම්බර් 12, 2014

    මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ II වන අදියරේ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් 07ක් ලබන 14 සිට 27 දින දක්වා සම්පූර්ණයෙන් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


    මීට අමතරව තවත් පාසල් 17ක උසස් පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් එම දිනයන්හි පාසලේ කොටසක් පමණක් වසා තබනු ලැබේ. 

    කො/ආනන්ද විද්‍යාලය, කො/ඩී.එස්. සේනානායක විද්‍යාලය, කු/ලක්දාස් විද්‍යාලය, ගා/උස්වතුන් හසනා විද්‍යාලය, ගා/සුධර්මා විද්‍යාලය, මාර/රාහුල විද්‍යාලය හා බ/විශාකා උසස් බාලිකා විද්‍යාලය
    සම්පූර්ණයෙන් වසා තබන පාසල් වේ. 

    කො/ලුම්බිණි විද්‍යාලය, කළු/වේලාපුර මහා විද්‍යාලය - කළුතර, ගම්/රත්නාවලී බාලිකා විද්‍යාලය, මීග/හරිස්චන්ද්‍ර විද්‍යාලය, කු/වයඹ රාජකීය විද්‍යාලය - කුරුණෑගල, කුලි/කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය,  කෑ/ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය,  ර/සීවලී මධ්‍ය විද්‍යාලය - රත්නපුර, මහ/ස්වර්ණමාලී බාලිකා විද්‍යාලය - මහනුවර, මහ/උසස් බාලිකා විද්‍යාලය - මහනුවර, මහ/දෙනු/ශ‍්‍රී  ඊරියගම පුෂ්පදාන ආදර්ශ විද්‍යාලය, බ/සීවලී මහා විද්‍යාලය - බදුල්ල, අනු/ශාන්ත ජෝසප් විද්‍යාලය - අනුරාධපුර, මඩ/ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, යා/යාපනය මධ්‍ය මහා විද්‍යාලය, වවු/ශෛව ප‍්‍රකාශ් මහා විද්‍යාලය හා කල්/කාමෙල් ෆාතිමා බාලිකා විද්‍යාලය උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්නපත‍්‍ර ඇගයීම් කටයුතු හේතුවෙන් කොටසක් වසා තැබෙන පාසල් වනු ඇත.

    ඇගයීම් කටයුතු වෙනුවෙන් වසා තැබෙන මේ සියලු ම පාසල් ලබන 29 වැනි සඳුදා නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya