මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සුළං වේගය පැ.කි.මී. 60 දක්වා ඉහළට Featured

    සැප්තැම්බර් 07, 2014

    අද (07) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ද තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සුළං වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇත.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    අද දොඩන්දූව, කොට්ටව සහ හුංගම නගරවලට හිරු මුදුන් වෙයි


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තු මස 28 දින සිට අද  (07) දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජු ව ම ඉහළින් පවතී. අද (07දා), දහවල් 12.09ට, දොඩන්දූව, කොට්ටව සහ හුංගම යන නගරවලට හිරු මුදුන් ව පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    අනුරාධපුරයට වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.


    යාපනය, ත්‍රිකුණාමලය සහ මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැත.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1°C නුවරඑළියෙන් ද මි.මී. 36.2ක උපරිම වර්ෂාපතනය කකටුනායක මැල්ලව ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya