මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රස්තවාදීන්ට රට පාවා දුන් අයට ඌවේ ජනතාව මුලා කළ නොහැක

    සැප්තැම්බර් 05, 2014

    තිස් අවුරුදු රුදුරු යුධ සමයේ ත්‍රස්තවාදීන් සමඟ ඊනියා සාම ගිවිසුම් අත්සන් කර රට පාවාදුන් අයට ඌවේ බුද්ධිමත් ජනතාව මුලා කළ නොහැකි බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     
    රට බේරාගැනීමට එදා සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර ඌව වෙල්ලස්ස පරම්පරාවේ, රටට ආදරය කරන පිරිස අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් වෙත සිය ආශිර්වාදය ලබාදීමට තීරණය කර අවසන් බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය. 

     ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා වියළුව ආසනයේ කන්දකැටිය, ගලඋඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. මෙහි දී ගලඋඩ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව පක්ෂ කාර්යාලය විවෘත කිරීම අමාත්‍යවරුන් වන තිස්ස කරල්ලියද්ද සහ ලක්ෂ්මන් සෙනවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 
     

    එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “ මීට වසර හතරකට පමණ පෙර දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා මේ රටේ කිසි ම අයෙකුට බියෙන් සැකෙන් තොර ව යෑමට නිදහසක් තිබුණේ නැහැ. අද කිසිදු ජාති, ආගම්, කුල, දේශපාලන භේදයකින් තොර ව මේ රටේ සියලු දෙනාට නිදහසේ ජීවත්වීමට වරම ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ නම් අභීත නායකයාණන් බව ඇතැම් අයට අමතක වී තිබීම කනගාටුවට කරුණක්.                                                    


     ජනතාවට බොරු කියමින් එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභා මැතිවරණය ජයගැනීමේ නිරර්ථක උත්සාහයක යෙදී සිටිනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් දවසින් දවස මැතිවරණ පරාජය වන්නේ ජනතාව මුලා කරමින් බොරු කියන නිසයි. මේ රටේ විපක්ෂය ජනතාවට ඇත්ත කියන තුරු ඔවුන්ට විපක්ෂයේ සිටීමට සිදුවෙනවා. විපක්ෂය අකමැති ම වචනය ‘සංවර්ධනය’ යන්නයි. නමුත් මේ රටේ ජනතාව දන්නවා රට එදා තිබූ තත්ත්වය හා අද තිබෙන තත්ත්වය. ” මෙහි දී අදහස් දැක්වූ වියළුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා,
     

    “මේ රට ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂයට නොහැකි බව තේරුම්ගත් එම පක්ෂයේ බුද්ධිමත් සියලු ම මන්ත්‍රීවරු වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව ශක්තිමත් කළා. යුද්ධය ජය ගැනීමට එඩිතර තීරණ ගන්නත් එතුමන්ට එය ශක්තියක් වුණා. ඒ වගේ ම රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන එතුමන්ට තව තවත් මේ රට සංවර්ධනය කිරීමට තෙවන වතාවටත් ජනපති වීමට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයට අපගේ ආශිර්වාදය ලබාදුන්නා.”


    මෙම අවස්ථාවට සොරණාතොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා මෙවර ඌව පළාත් සභාව සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින එම්.ජී. ලීලසේන, කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් සරත් කුමාර යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් පැමිණ සිටියහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya