මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ගල්කිස්ස, පරකඩුව, හෝටන් තැන්න සහ ආරුගම්බේ නගරවලට හිරු මුදුන් වෙයි Featured

    සැප්තැම්බර් 05, 2014

    අද (05) දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
     

    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තු මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඍජු ව ම ඉහළින් පවතී. අද දහවල් 12.10ට, ගල්කිස්ස, පරකඩුව, හෝටන් තැන්න සහ ආරුගම්බේ නගරවලට හිරු මුදුන් ව පවතී.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    නුවරඑළිය, මහනුවර, රත්නපුරය, ගාල්ල සහ කොළඹට වැසි වාර කිහිපයක් ඇති වේ.


    අනුරාධපුරය, යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම සහ මඩකළපුවට අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 34.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.6°C පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.9°C නුවරඑළියෙන් ද මි.මී. 43.2ක උපරිම වර්ෂාපතනය පුත්තලම හොරගස්අගාර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    අද අලුයම 5.30 වන විට මි.මී. 23.9ක වර්ෂාපතනයක් කොළඹින් ද මි.මී. 19.1ක වර්ෂාපතනයක් කටුනායකින් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya