මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘One Health’ ජාත්‍යන්තර සමුළුව හෙට සහ අනිද්දා

    සැප්තැම්බර් 03, 2014
    පරිසරය හා සෞඛ්‍ය අතර සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කරමින් “2014 One Health” ජාත්‍යන්තර සමුළුව හෙට (05) සහ අනිද්දා (06) දෙදින පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ.
     
    විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දී හෙට පෙරවරු 8.30ට  ආරම්භ කරන මෙම සමුළුව සඳහා අමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය සහයෝගිතාව දක්වයි.
     
    පේරාදෙනිය විශ්වවිද්‍යාලය දකුණු ආසියාවේ “One Health” කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම මෙම සමුළුව පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වේ.
     
    ඇමෙරිකාව, ජපානය, නවසීලන්තය, නෝර්වේ, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විද්වතුන් මේ සමුළුව නියෝජනය කරන අතර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පීඨ අටෙන්ම සිසුන් 20 දෙනකු බැගින් ද , සෙසු විශ්වවිද්‍යාලවල විද්වතුන්ගේ සහභාගිත්වයෙන් ද මෙම සමුළුව පැවැත්වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya