මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව හැඳුනුම්පත සඳහා ඇඟිලි සලකුණු ලබාදීමට බිය විය යුතු නැහැ

    සැප්තැම්බර් 03, 2014
    2016 වසරේ දී ලබාදීමට නියමිත නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කිරීමේ දී ඇඟිලි සලකුණු ලබාගැනීම මතභේදයට තුඩු දී ඇති කරුණුක් වුවත් එසේ ලබාදීමට අනිසි බියක් ඇතිකර ගත යුතු නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පැවසීය. 
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (03) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිනි.
     
    ඇඟිලි සලකුණු ලබාගැනීම නව ක්‍රමවේදයක් නොවන බවත් අර්ථ සාධක, ආයතනවල පැමිණීම සටහන් කිරීම, නව රියදුරු බලපත්‍ර ලබාගැනීම, වීසා ලබාගැනීම ආදී කටයුතුවලදී වර්තමානයේ දී අප නොදැනුවත්වම ඇඟිලි සලකුණු ලබාදීම සිදු කරන බව පෙන්වා දෙන ඒ මහතා කිසිදු අයුරකින් නව ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණු ඇතුළත් නොකරන බවත් එය නිකුත් කිරීමේදී ලබාදිය යුතු දත්ත සඳහා ඇඟිලි සලකුණු ලබාගන්නා බවත් පෙන්වා දුන්නේය.
     
    "පුද්ගලයන් හඳුනාගත හැකි හොඳම ක්‍රමය වන්නේ ජීවමිතික ලක්ෂණ ලබාගැනීමයි. නව ක්‍රමවේදය යටතේ පවුලේ සියලු තොරතුරු ද ලබාගන්නේ වෙනත් කිසිදු කටයුත්තක් සඳහා නො ව එකම ස්ථානයකින් සියලු තොරතුරු ලබාගැනීමට හැකි නව ක්‍රමවේදයක් සකස් කිරීමටයි. පුරවැසියන් හඳුනාගැනීමට මේ ක්‍රමය අත්‍යවශ්‍යයි. ඒ හරහා ඉක්මනින් පුද්ගලයා හඳුනාගැනීමේ අවස්ථාව හිමි වෙනවා".
     
    මේ ක්‍රමවේදයන් පාකිස්ථානනය, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ජර්මනිය, බෙල්ජියම ඇතුළු රටවල් රාශියක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතින බවත් මේ සම්බන්ධයෙන් වැරදි මතවල එළැඹ සිටීම අවශ්‍ය නොවන බවත් කීය.
     
    මෙම නව ක්‍රමවේදය අනුව වංචා දූෂණ, අපරාධ නතර කිරීම සිදු කළ හැකි බවත් එබැවින් මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවත් පෙන්වා දුන්නේය.
     
    පැරණි ක්‍රමය අනුව අත්වැරදීම් සිදුවීමේ අවස්ථා බහුලව පවතින බවත් මෙම නව ක්‍රමවේදය හරහා ඒ සියලු වැරදි සිදුවීම් නතර වන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya