මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නයිජීරියානු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් ශ්‍රී ලංකා අධ්‍යයන චාරිකාවක

    සැප්තැම්බර් 03, 2014
    ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සුබසාධන කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් නයිජීරියානු ආරක්ෂක ප්‍රධානීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතර මෙම කණ්ඩායම 11දෙනෙකුගෙන් සමන්විත වේ. 
     
    මෙම පිරිසට නයිජීරියානු ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්, නයිජීරියානු ආරක්ෂක මුලස්ථාන නිලධාරීන් සහ යුද හමුදා මෙන් ම ඒ හා සම්බන්ධ නිලධාරීන් ඇතුළත් වෙති.
     
    මෙම කණ්ඩායම දින හතරක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින අතර රජයේ ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් හමුවීමට ද නියමිතව ඇත.
     
    මෙම කණ්ඩායමේ ප්‍රධානී නයිජීරියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් M.R. Morgan මහතා ඊයේ (02) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහතා හමුවී සාකච්ඡා කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කිරීම ද සිදු විය.
     
    මේජර් ජනරාල් මහින්ද සතුරුසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya