මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාලනි දිගාම්බරම් නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ අරඹයි

    සැප්තැම්බර් 01, 2014
    ජාතික භාෂා  හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් ජාතික කම්කරු සංගමයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලනි දිගාම්බරම් මහතා අද (01) සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනු ලැබීය.


    ඒ රාජගිරියේ පිහිටි අමාත්‍යාංශයේදී ආගමික වතාවත්වලින් අනතුරුවයි. මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාතික සමඟිය ඇති කිරීම සඳහා තමන් කැප වී වැඩ කරන බවයි. ජාතීන් අතර සමඟිය ඇති කිරීම සඳහා තිබෙන ප්‍රධාන බාධාව භාෂාව බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එය තුරන් කිරීම සඳහා වාසුදේව අමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් දැනට සිදු කරන කාර්යයන් සඳහා තමන් දායකත්වය සපයනවා මෙන්ම නව වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත් මෙහිදී නව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

     

    එමෙන්ම වතුකරයේ ජනතාවගේ අභිලාෂයන් ද මෙම අමාත්‍යාංශය හරහා ඉටු කිරීමට තමන් කැප වන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍ය පාලනී දිගාම්බරම් මහතා තමන්ට මෙම ධූරය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සිය ස්තූතිය ද පුද කළේය. 

    මෙම අවස්ථාට එක්ව සිටි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙරට ජාතී ආගම් භේද ඇති කිරීමට උත්සහ දරන කණ්ඩායම් පරාජය කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා ශක්තියක් වනු ඇති බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ අත්වැල් බැඳගෙන ජාතික සමඟිය ගොඩනැඟීමට කැප වන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. දෙමළ ජාතිකයෙකු තම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධූරයට පත් කිරීමට කටයුතු කිරීම ජනාධිපතිවරයා ගත් වැදගත් තීරණයක් බවත් මෙහිදී වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා කියා සිටියා.

    මෙම උත්සවයට ජාතික කම්කරු සංගමයේ නියෝජ්‍ය නායක නුවරඑළිය පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජදොරෙයි, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පුත්‍ර සිගාමනී, ජාතික කම්කරු සංගමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන සිං පොන්නයියා, එස්. සීදරන්, සිවරාජා සරස්වතී සිවගුරු, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya