මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් කිරි සඳහා ඉදිරියේදී සහතික මිලක්

    සැප්තැම්බර් 01, 2014

    නිෂ්පාදන වියදමට අදාළව කුඩා රබර් වතු හිමියන්ගේ රබර් කිරි ආදායම ප්‍රමාණවත් නොවන බවත් මෙයට පිළියමක් ලෙස රබර් කිරි සඳහා ඉදිරියේදී සහතික මිලක් ලබා දීමට කටයුතු කරන බවත් සහතික මිලට ගෙන ඒමට අවශ්‍ය මුදල රජය වැය කරන බවත් වැවිලි කර්මාන්ත ඇමති මහින්ද සමරසිංහ මහතා අද (01) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේ දී ප්‍රකාශ කළේය.

    දේශීය රබර් කිරි නිෂ්පාදනයෙන් 75%ක් දේශීය කර්මාන්ත මිලදී ගෙන නිමි භාණ්ඩ අපනයනය කරන බවත් නිමි භාණ්ඩ මිලට ගන්නා රටවල ආර්ථික වර්ධනය පහළ ගොස් ඇති බැවින් රබර් මිල බැසීමක් ඇති වී ඇති බවද ලෝක රබර් නිෂ්පාදනයෙන් 2%ක් පමණක් ශ්‍රී ලංකාව දායක වන බැවින් ජාත්‍යන්තර මිලට බලපෑමක් කළ නොහැකි බවද මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

     

    අවශ්‍ය අවස්ථාවකදී රබර් කිරි අත්‍යවශ්‍ය ප්‍රමාණයක් පමණක් ආනයනය කිරීමට ඉඩදී ඇති බවද මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය. දේශීය රබර් කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ අරමුණින් මොනරාගල හෙක්ටයාර් 9500ක අලුතින් රබර් වගා කර ඇති අතර ඉදිරියේදී වගාව පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරි වසර 05කින් රබර් කිරි නිෂ්පාදනය වැඩිවීමත් සමගම දැනට කරන ලබන ආනයනය නතර කිරීමට බලාපොරොත්තු වන බවද තවදුරටත් ප්‍රකාශ කළේය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya