මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට සිට යාල තාවකාලිකව වසයි

    සැප්තැම්බර් 01, 2014
    යාල ජාතික වනෝද්‍යානය හෙට (02) සිට ලබන 30 දක්වා නරඹන්නන් සඳහා තාවකාලිකව වසා තබන බව වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    මෙම වකවානුව තුළ ආරම්භ වන දැඩි නියං තත්ත්වය හේතුවෙන් අතීතයේ සිට සෑම වසරකම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී යාල වනෝද්‍යානය වසා දැමීමට කටයුතු කෙරේ.
     
    ඒ අනුව යාල වනජීවි බංගලා හා අභ්‍යන්තර මාර්ග පද්ධතීන් ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙම වකවානුව තුළ සිදු කෙරේ. මෙවර ද වනෝද්‍යානයේ පවතින විශාල වැව්වලට අමතර ව යාල කලාප අංක පහකට අයත් වපසරියේ කෘතිම පොකුණු සාදා ඒවාට බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කෙරේ.  
     
    මෙම කාලයේ දී සතුන් වනෝද්‍යානයෙන් පිටත ප්‍රදේශවලට යෑම වැළැක්වීම සඳහා විදුලි වැටවල්ද ක්‍රියාත්මක කෙරේ. 
     
    ඔක්තෝබර් 01වැනි දින වනෝද්‍යානය යළි විවෘත කිරීමට නියමිතව තිබුණ ද නියං තත්ත්වය දිගටම පැවතිය හොත් තවදුරටත් වනෝද්‍යානය වසා තැබීමට පියවර ගැනෙනු ඇත.
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya