මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක හමුදාවේ නිලධාරීන් පිලිපීනයේ අධ්‍යයන චාරිකාවක

    සැප්තැම්බර් 01, 2014
    ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් එන්.ජේ. වල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් යුද, නාවික හා ගුවන් හමුදා නිලධාරීන් 18 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පසුගිය අගෝස්තු මාසයේදී පිලිපීනයේ අධ්‍යයන චාරිකාවක නිරත වූහ. 
     
    මෙහිදී මෙම පිරිස විසින් පිලිපීනයේ ඇති ආරක්ෂක හමුදා ආයතන පිළිබඳ ව අධ්‍යනයක යෙදෙමින් ඒවා‍ගේ බලධාරීන් සමග සාකච්ඡා පවත්වන ලදී. 
     
    පිලිපීනයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නැරඹූ මෙම පිරිස ඉන් අනතුරුව එරට මැනිලා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරයක නිරත විය. එහිදී ශ්‍රී ලංකා තානාපතිතුමා විසින් ඔවුන්ව ඉතා සුහදශීලී ලෙස පිළිගන්නා ලදී. එසේම ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ඇති ද්වීපාර්ශ්වීය ආරක්ෂක සබඳතාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම චාරිකාව බෙහෙවින්ම වැදගත්වන බවද මෙහිදී පවසා සිටියේය.
     
    එසේම මෙම චාරිකාවේදී ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පිලිපීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලය, යුද, නාවික හා ගුවන් හමුදා මූලස්ථානයන් හා පුහුණුව ලබන ස්ථාන ද නරඹන ලදී. මෙම අධ්‍යයන චාරිකාව ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති සමීප සම්බන්ධතාව ශක්තිමත් කිරීමට හා දෙරට අතර හමුදා නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනිම සඳහා බොහෝ සෙයින් ඉවහල් විය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya