මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 වසරේ දී 8%ක ආර්ථික වර්ධනයක් Featured

    අගෝස්තු 30, 2014
    2014 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 8%ක පමණ ඉහළ අනුපාතයකින් වර්ධනය වෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.
     
    ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම,දේශීය ආර්ථික කටයුතු අඛණ්ඩව වර්ධනය වී සහ 2013 වසර තුළ ක්‍රියාත්මක කළ වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් 2014 වසරේ දී ආර්ථික වර්ධනය වේගවත් වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
     
    මීට අමතර ව ජනතාවගේ ජීවන රටාව වෙනස්වීම සහ ගෝලීය වෙළෙඳපොළ ව්‍යාප්තකරණය හා සමගාමීව දේශීය නිමැවුම් වර්ධනය වනු ඇත. රටේ නිෂ්පාදන ධාරිතාව වැඩිකර ගැනීම උදෙසා ආයෝජන කටයුතු අඛණ්ඩව වර්ධනය වනු ඇත. 
     
    වෙළෙඳාම, ප්‍රවාහනය, සන්නිවේදන හා බැංකු ආදී සේවා සඳහා ඇති ඉල්ලුම වැඩිකිරීමට කර්මාන්ත නිෂ්පාදන දියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කෙරේ. සංචාරක හා ඒ ආශ්‍රිත සේවාවන්වල ප්‍රසාරණය ද ඉහළ ආර්ථික වර්ධනය සඳහා දායක වනු ඇත.
     
    යහපත් කාලගුණ තත්ත්වය හා අඛණ්ඩ රාජ්‍ය සහයෝගය මගින් 2014 වසරේ දී කාෂිකාර්මික අංශයේ නිමැවුම ඉහළ නැංවෙනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya