මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය සැප්තැම්බර් 02 සිට Featured

    අගෝස්තු 30, 2014
    ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව හා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරනු ලබන දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසය සැප්තැම්බර් 02 සිට 23දා දක්වා පැවැත්වීමට නියමිතය.
     
    ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2500කට අධික පිරිසකගේ හා විදේශ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා සහභාගිවන්නන් හා නීරීක්ෂකයන් වශයෙන් සහභාගිවන රටවල් 06ක් මේ වන විට ඔවුන්ගේ පැමිණීම තහවුරු කොට ඇත.
     
    දිවයිනේ විශාල කැලෑ ප්‍රදේශයක් ආවරණය පරිදි සිදු කෙරෙන මෙම යුද අභ්‍යාසය මගින් විශේෂ මෙහෙයුම් ශක්‍යතා වර්ධනය කෙරෙන අතර සෑම මට්ටමකින්ම සටන් සූදානමකින් පවත්වාගැනීමට සහය වෙනු ඇත.
     
    මෙහි සමස්ත ආකල්පය ලොව විශාලතම මානුෂීය මෙහෙයුමේ දී අත්කරගත් අත්දැකීම් ලබාදීම හා බෙදාගැනීම අරමුණු කරගනිමින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරනු ලබන්නකි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya