මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව “තාරුණ්‍යය හා මානසික සෞඛ්‍ය“ යන්නයි.

    අගෝස්තු 10, 2014

    ලෝක ජනගහණයෙන් අවුරුදු බිලියන 1.2 ක් 15-24 වයසේ පසුවන තරුණයන් වන අතර එයින් 20%ක් මානසික සෞඛ්‍ය පිළිබඳ විවිධ ගැටලුවලට මුහුණ පාන බව වාර්තා වේ.

     

    මානසික සෞඛ්‍ය පිළිබඳ විවිධ ගැටලුවලට මුහුණ පා සිටින තරුණයන් අපකීර්තියට හා විවේචනයට ලක් වෙතැයි බියෙන් පසුවන බැවින් මෙම තත්ත්වයන් ලොවට හෙළි කිරීමෙන් වැළකී සිටින්නට උත්සාහ දරයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස මෙවර තරුණ දිනයේ මේ පිළිබඳ විවෘතව කතා කිරීමට ඉඩප්‍රස්තාවක් ලබා දී ඇත්තේ අපකීර්තියට ලක් වීමෙන් තොර ව මෙම තත්ත්වයන්ට අවශ්‍ය නිසි උපදේශන සේවාවන් ලබා ගැනීමෙන් පූර්ණ සුවය ලබා අනවශ‍්‍ය ලැජ්ජාවන්ට පත්වීමෙන් හා හුදකලා වීමෙන් තොර ව සමාජයේ ජීවත් වීමට අවස්ථාව උදා කිරීමටය.

     

     

    මෙම තරුණ දිනයේදී මෙම තේමාව සමඟ ලොව වටා සාකච්ඡා හා තොරතුරු ව්‍යාපාරයන් දියත් කර ඇත. ඒ තුළින් තරුණයන් මුහුණ පාන අභියෝග හා ගැටලු පිළිබඳ පොදු ජනතාව හා තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට හා ඔවුන්ට එම අභියෝග ජයගන්නටත් ගැටලු නිරාකරණය කරගන්නටත් සහය වීමට අපේක්ෂා කරයි. ලොවට තරුණයන්ගේ අවශ්‍යතාව හා සමාජ දායකත්වය වටහා දෙන්නටත් තීරණ ගැනීමට අවබෝධය ලබා දෙන්නටත් මෙම වසරේ අදාළ සංවිධාන උත්සහ කරනු ඇත.

     

     

    කොළඹ එක්සත් ජාතීන්ගේ තොරතුරු මධ්‍යස්ථානය (UNIC) විසින් තරුණ දිනයේදී මානසික සෞඛ්‍ය පිළිබඳ නිරීක්‍ෂණ වැඩසටහනක් බොල්ගොඩ හා පානදුර “සහනය” මානසික සෞඛ්‍ය ආයතනයන්හි නේවාසිකයන් 40ක් සඳහා UNIC නිලධාරීන්, උපදේශකයින් සහ සංගීතවේදීන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන උපදේශනයන්, සංගීත ප්‍රතිකාර, ක්‍රීඩා හා දක්ෂතා ප්‍රදර්ශනයකින් සමන්විතය. නර්තන අංගයන්ද මෙහිදී ඉදිරිපත් කෙරෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya