මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුර, නැගෙනහිර පළාත් පාලන ආයතන සංවර්ධනයට මිලියන 10750ක්

    අගෝස්තු 08, 2014
    උතුර සහ නැගෙනහිර පළාත් පාලන ආයතන 79ක් පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 10750ක් වෙන්කර ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
     
    අමාත්‍යවරයා  මෙහිදී සඳහන් කළේ ගම සංවර්ධනය කර රට සංවර්ධනය කිරීම සඳහා සෑම දෙනාම එක්විය යුතු බවය.
     
    උතුර සහ නැගෙහිර පළාත් පාලන ආයතන 79ක පුර නැගුම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ප‍්‍රතිපාදන වෙන්කිරීම සහ දෙවන අදියර කටයුතු ආරම්භ කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පැවසීය.
     
    මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 86ක් වැය වන අතර ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 50ක් අන්තර් ජාතික සංවර්ධන ඒජන්සියේ ණයක් ලෙස ලෝක බැංකුව හරහා ලබා දෙන බවත්, ඇමරිකන් ඩොලර් මිලියන 18.8ක් ඔස්ටේ‍්‍රලියානු රජයේ ආධාරයක් ලෙස ලබාදෙන බවත් ඉතිරි මුදල ශ‍්‍රී ලංකා රජය මගින් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් ක‍්‍රියාත්මක වන පුර නැගුම ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර පළාත් පාලන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ලෙස පෙර හදුන්වන ලදී. එම ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතට අයත් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව හා මන්නාරම යන දිස්ත‍්‍රික්කයන්ද නැගෙනහිර පළාතට අයත් අම්පාර, මඩකළපුව සහ ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක අට තුළ පිහිටි පළාත් පාලන ආයතන 79ක් සඳහා ප‍්‍රතිපාදන ලබාදීම 2010 වර්ෂයේ සිට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් සිදු කරයි.  
     
    මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ප‍්‍රාදේශීය හා ග‍්‍රාමීය මට්ටමින් සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් පාලන ආයතනවල පරිපාලනය ශක්තිමත් කිරිම තුළින් එම ආයතනවල ධාරිතා වර්ධනය කරා වඩා යහපත් හා කාර්යක්ෂම පළාත් පාලන සේවාවක් මහජනතාවට ලබාදීමයි.
     
    මෙයට අමතරව අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තතලම සහ මොනරාගල යන දිස්ත‍්‍රික්ක හතරට අයත් පළාත් පාලන ආයතන 22ක් පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට ද  තෝරාගෙන තිබේ. 
     
    මෙම මුදල් ආයෝජනය කිරීමේදී මූලික සංරචක කිහිපයකට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර යටිතල පහසුකම් සංවර්ධනය, වගවීම් ආයතනගත කිරීම, ධාරිතා වර්ධනය, ඇගයීම් හා තක්සේරුකරණයත් යන අංශ මෙ යටතේ සිදු කිරීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට සහභාගි වූ උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන ප‍්‍රධානීහු බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළහ.
     
    මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදින්, එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නජිඩ් අබ්දුල් මජිඩ්, අදාළ දිස්ති‍්‍රක්කවල දිස්ත‍්‍රික් ලේකම්වරු, ඔස්ටේ‍්‍රලියානු නියෝජ්‍ය තානාපතිවරිය සහ ලෝක බැංකුවේ නියෝජිතයින් ඇතුළු පළාත් පාලන ආයතනවල සභාපතිවරු ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya