මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය වන බවට ස්විට්සර්ලන්තය සහතික වෙයි

    දෙසැම්බර් 17, 2019

     ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හාන්ස්‌පීටර් මොක්‌ (Hanspeter MOCK) මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

    මෑතකදී ජනාධිපතිතුමා ලත් මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව තමා සහ තම රජය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත උණුසුම් සුබපැතුම් පළ කරමින් තානාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිතුමා “තමන් සියලු ශ්‍රී ලාංකියන්ගේ ජනපති” යැයි පැවසීම විශේෂයෙන් අගය කරන බවයි.“ශ්‍රී ලංකාව සමග පවත්නා සාම්ප්‍රදායික සබඳතා ශක්තිමත්ව හා අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී ලෙස පැවතීම පිළිබඳව ස්විට්සර්ලන්තය සතුටට පත් වෙනවා”.


    මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.


    “දෙරටේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ නොසන්සුන්කාරී තත්ත්වයෙන් මිදී කිසියම් අනවබෝධයක් වෙතොත් එය ඉවත් කර ගැනීමට ද අපට අවශ්‍යයයි” යනුවෙන් ස්විට්සර්ලන්ත තානාපතිවරයා සඳහන් කළේය.


    සිය ප්‍රතිචාරය දක්වමින් ජනාධිපතිතුමා ඊට අදාළ විමර්ශන පිළිබඳ වත්මන් ප්‍රගතිය තානාපතිවරයාට විස්තර කළේය. “පැහැර ගැනීම සම්බන්ධ චෝදනාව සම්පූර්ණයෙන්ම ගෙතු සිද්ධියක් බව මේ වන විට මනාව තහවුරු වී තිබෙනවා. ඌබර් වාර්තා, දුරකථන සංවාද සහ සීසීටීවී දර්ශන වැනි ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි මේ බව තහවුරු කරනවා. මම සහ මාගේ රජය අපකීර්තියට පත් කිරීමට කිසියම් පාර්ශවයකගේ අවශ්‍යතාවය මත තානාපති කාර්යාල සේවිකාව මෙසේ කටයුතු කළා විය හැකියි. සිදුවීමට මුහුණ පෑවා යැයි කියන නිලධාරියා මේ අයුරින් හැසුරුණේ ඇයි දැයි පැහැදිළි නැහැ යැයි” ජනාධිපතිතුමා කීය.

    සිද්ධිය ප්‍රථමයෙන් වාර්තා වූ අවස්ථාවේ දී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කිසිදු වැරුද්දක් නොදකින බව ජනාධිපතිතුමා කීය. “එය සාධාරණයි, තම කාර්යාලීය සාමාජිකයෙකු ගැටලුවකට මුහුණ දී සිටින විට තානාපති කාර්යාලය ඊට මැදිහත් විය යුතු වෙනවා”. විමර්ශන කටයුතු කරගෙන යාම සඳහා රජයට සහාය වන ලෙස තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා සඳහන් කළේ එවිට සත්‍ය හෙළි වනු ඇති බවයි.


    තානාපති කාර්යාලයේ පළමු ලේකම් සිදෝනියා ගේබ්‍රියල් (Sidonia Gabriel) මහත්මිය ද තානාපතිවරයා සමගින් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya