අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 15කට පසු අඟහරු පෘථිවියට ආසන්න වෙයි

    ජූලි 30, 2018
    වසර 15කට පසුව අඟහරු පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද (30)  සහ හෙට (31) දිනයේදී දැක ගත හැකිය. 
     
    අඟහරු රතු – තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ.
     
    අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව මහජනතාවට හිමි කරදෙමින් රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් හෙට (31) කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම අහස නිරීක්ෂණ කඳවුරු රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 දක්වා පැවැත්වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya