ජූලි 22, 2019
tami eng youtube  twitter facebook
    logo

    ජනතා සුව සේවාව වෙනුවෙන් ලොවම ඇගයූ ඇමැති රාජිතට උපහාර

    ජූලි 29, 2018

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ලෙස අභිනවයෙන් තේරී පත් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මැතිතුමන් වෙනුවෙන් සංවිධානය කරන උපහාර උත්සවය ජුලි මස 31 දින පස්වරු 2.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී පැවැත්වෙයි.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය එක්ව මෙම උපහාර උළෙල සංවිධානය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්වෙයි.

    ජනතා සුව සේවාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ගත් තීන්දු තීරණ මෙහිදී ඇගයීමට ලක්වෙයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලෝත සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වුයේ පසුගිය මැයි මාසයේ දී ඒ ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයේ දීය.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya