අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාමරංගා පරිභෝජනය වකුගඩු රෝගී නොවන අයට ගැටළුවක් නැහැ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

    ජූනි 18, 2018
    අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල්  වැනි  රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
     
    පසුගියදා ගන්නොරුව පලතුරු හා උද්‍යාන භෝග අංශයේ කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිතාවක නිරත වු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේ දී නිලධාරීන් විසින් මේ බව පෙන්වාදෙන ලදී.
     
    විශේෂයෙන් කාමරංගා පලතුරෙහි දාරවල Calcium Oxalate නැමැති රසායනිකය බහුල වශයෙන් තිබේ. ඒවා වකුගඩු රෝගවලින් පෙළෙන රෝගින්ට අහිතකරය. නමුත් ආහාරයට ගැනීමේදී දාර ඉවත් කර අනුබව කිරීම තුළින් කැල්සියම් ඔක්සලේට් නැමැති රසායනිකය ශරීරගතවීම වළක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් පෙන්වාදෙයි.
     
    එහෙත් කාමරංගා  පරිභෝජනය තුළින් වකුගඩු රෝගවලට මුහුණ දීමට සිදුවෙතැයි මහජනතාව අනියත බියක් ඇති කරලීම සඳහා කිසියම් පිරිසක් විසින් විද්‍යානුකූල පදනමකින් තොරව, කාමරංගා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පළ කර තිබිණි. 
     
    කාමරංගාවල  කැරබොක්සින් හා ඔක්සැලික් අම්ලය අඩංගුය. මෙම රසායනික වකුගඩු රෝගවලින් පීඩා විදින්නන්ට ඉතා අහිතකරය. කාමරංගා අධිකව ආහාරයට ගැනීමෙන් වකුගඩුවල ගල් ඇතිවීම හා වකුගඩු දුර්වලවීම සිදුවේ. එමනිසා වකුගඩු රෝග නොමැති පුද්ගලයින්ට කාමරංගා අනුබවය කිසිදු ගැටළුවක් නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.
     
    කාමරංගා යනු මෙරට වැවෙන පලතුරු අතර කැල්සියම්  වැඩිපුරම අඩංගුවන පලතුරකි.. කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C,සෝඩියම් යන පෝෂකවලින් පොහොසත්ය. සීනි ප්‍රතිශතය ද අඩුය. කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වන බව පැරණි අයුර්වේද ග්‍රන්ත තුළ සඳහන්වේ. විශේයෙන් ආහාර ගැනීමෙන් පසු ආහාරවල අඩංගු යකඩ සිරුරට අවශෝෂණය කරගත හැකි අතුරු පසක් වශයෙන් කාමරංගා පලතුර සැළකේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya