අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපානයේ රැකියා සඳහා යන පළමු කණ්ඩායමට ගුවන් ටිකට්පත් පිරිනමයි

    මැයි 23, 2018

    ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණු වැඩසටහන යටතේ පුහුණුව ලබා ජපානය ලබා පිටත්ව යාමට නියමිත ප්‍රථම කණ්ඩායම සදහා ගුවන් ටිකට්පත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින ( 23)  එම අමාත්‍යංශයේදී පිරිනමන ලදී.

    ජපානය බලා පිටත්ව යන පළමු කණ්ඩායමට තරුණයින් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් අද දින ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

    IM ජපන් ආයතනය හා විදේශ රැකියා අමාත්‍යංශය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ තාක්ෂණික සීමාවාසි පුහුණුව (Technical Intern Training Programme) සම`ග රැකියා අවස්ථා උදාවේ.

    තෝරාගත් 53 දෙනෙකු මේ වන විට විදේශ සේවා කාර්යාලයේ රත්නපුර පළාත් කාර්යාලයේ ජපන් භාෂා හා සාත්තු සේවිකා පුහුණුව හදාරති. මෙම පිරිස් යමහා" යමාකි" සුසුකි"කට්සුම් කායි" සන්ලයිෆ් වැනි ජපානයේ කීර්තිමත් සමාගම්වල තාක්ෂණික සීමාවාසී පුහුණුව සම`ග රැකියා සඳහා තෝරාගෙන සිටිති. ඉදිරි මාසවලදී ඔවුන් ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

    IM ජපන් ආයතනයේ මෙරට නියෝජිත ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කමල් අත්තනායක මහතා විසින් මෙම වැඩසටහන දෙරට අතර සම්බන්ධීකරණය කරන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ගෘහස්ථ නොවන හා අළෙවිකරණ යන අංශයන් ම`ගින් බඳවාගැනිම් හා පුහුණු කිරීම් සිදුකරනු ලබයි.

    තෝරාගත් තරුණ තරුණියන් සඳහා ජපන් භාෂා හා සාත්තු සේවා, කෘෂිකාර්මික හා කර්මාන්ත අංශ පිළිබඳව මාස 4ක පුහුණුව රත්නපුර නගරයේ පිහිටි කාර්යාංශයේ සබරගමුව විගමණික සම්පත් මධ්‍යස්ථානයේදී සිදුකරන අතර, එය ජපන් ජාතික ගුරුවරියකගේ අධීක්ෂණය යටතේ මෙරට ප්‍රවීන ජපන් භාෂා ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබයි.

    ජපන් භාෂා ප්‍රවීනත්වය හෙවත් N4 හෝ JLPT 4 සමත් කාන්තාවන් සාත්තු සේවය සඳහා  ජපන් තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා තෝරා ගැනේ. මේ සඳහා ඉදිරිපත්වනඅපේක්ෂකයින් අවු 18-30 අතර අ.පො.ස උසස් පෙළ හදාරා ඇති අය විය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya