මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් ඓතිහාසික කැළණිය පුදබිමේ පැවති විශේෂ පහන් පූජාවට ජනපති එක්වෙයි ...

    මැයි 21, 2018
     
     රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද විශේෂ පහන් පූජාවක්   ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක් විය. 
     
    වසර 30 ක යුධමය වාතාවරණය නිමා කරමින් අප රටට සාමය උදාකරදීමට යුධ බිමේදී අභිත රණවිරුවෙකු ලෙසින් තම ජීවිතය පූජා කළ හා අතුරුදන් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් 23,962 ක්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් 1160 ක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් 443 ක්, ශ්‍රී ලංකා පොලිසියේ 3118 ක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 459 දෙනෙකු වූ විරෝධාර රණවිරුවන් අනුස්මරණය කරමින් එක් රණවිරුවෙකු වෙනුවෙන් එක් පහනක් බැගින් පහන් 29142 ක් දල්වමින් මෙම විශේෂ පහන් පූජාව සිදුකරන ලදී. 
     
    ගරු ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව හේවිසි නාද මාධ්‍යයේ විශේෂ ගිලන් පස පූජාවක් ඇතුථ ආගමික වතාවත්වලින් අනතුරුව ජනාධිපතිතුමා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුථ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මියගිය රණවිරු පවුල්වල ඥාතින් විසින් පහන් දැල්වීමට එක්විය. 
     
    අනතුරුව කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකොට  මියගිය රණවිරුවන් වෙත පිං පැමිණවීම සහ  ආබාධිත රණවිරුවන් ඇතථ සේවයේ නියුතු සියලූ රණවිරුවන් වෙත ආශිර්වාද පළ කිරීම සිදු කළහ.
     
    කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ විසින් මෙහිදී විශේෂ අනුශාසනාවක් ද පැවැත්වීය.
     
    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විෙජ්වර්ධන මහතා ඇතුථ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් පිරිසක් ද, සැදැහැවත් ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    ( ඡායාරූප : සඳරුවන් අමරසිංහ - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya