එය තමාගේ ද සිහිනය බව පැවසූ ජනාධිපතිතුමා, එම සිහිනය ඉටුකර ගැනීම සඳහා රටට ආදරය කරන සියලූ ජනතාව ඒකරාශී කරගනිමින් දිවි හිමියෙන් කැපවන බව ද අවධාරණය කළේ ය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, ඊයේ(31) අම්පාර අට්ටාලච්චේන ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
2015 ජනවාරි 08 වනදා ජාති,ආගම් බේදයකින් තොරව මේ රටේ සියලූ ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ඉටුකිරීමට කැපවන බවත් රට සමෘද්ධිමත් ලෙස ගොඩනැගීමට රට තුළ ස්ථීරසාර සාමයක් ඇති කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, එහිදී සියලූ ආගම් සහ සියලූ ජනතාව අතර සංහිඳියාව ඉතා වැදගත් බවද කියා සිටියේය.
ගම් මට්ටමින් සිදුකළ යුතු සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලීමට නැවත මෙම ප‍්‍රදේශවලට පැමිණෙන බවද ජනධිපතිතුමා සඳහන් කළේ ය.