නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරායුධකරණ සමුළුවෙහි සභාපතීත්වය ශ්‍රී ලංකාවට... Featured

    ජනවාරි 28, 2018
    ජිනීවාහි නිරායුධකරණ සමුළුවෙහි 2018 වසරෙහි පළමු සභාපතිධූරය ශ‍්‍රී ලංකාවට පසුගියදා හිමි විය. අවසානවරට ශ‍්‍රී ලංකාව නිරායුධකරණ සමුළුවෙහි සභාපතීත්වයට පත්වූයේ 2007 වසරෙහිදීය.
     
     
    මෙම තනතුරෙහි කටයුතු ආරම්භ කරමින් සභාව ඇමතූ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලංකා නිත්‍ය-නියෝජිත තානාපති රවිනාථ ආර්යසිංහ මහතා  ශ‍්‍රී ලංකාව මෙම සමුළුවෙහි සභාපතීත්වයට පත්වන්නේ එය හමුවේ ඉතාමත් තීරණාත්මක අභියෝග රැසක් පවත්නා වකවානුවක බව පැවසීය. 
     
    මෙම අභියෝග අතර වර්තමාන ලෝකයේ පවත්නා ආරක්ෂාව සම්බන්ධයෙන් වන සංකීර්ණ පරිසරය, ත‍්‍රස්තවාදීන් ඇතුඵව රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් ලෝක සාමයට එල්ල කරන්නාවූ අභියෝග මෙන්ම සීතල යුද සමයෙන් පසුව ඇතිව ඇති වඩාත්ම න්‍යෂ්ටික ආයුධ තර්ජනය ආදිය ඉතා වැදගත් බව හෙතෙම පැහැදිළි කළේය. 
     
    මෙම අභියෝග හේතුවෙන්ම නිරායුධකරණ සමුළුවට ඉතාමත් වැදගත් ක‍්‍රියාකාරී කාර්යභාරයක් ඉටුකිරීමට පැහැදිළි අවස්ථාවක් උදාවී ඇති බවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. එසේම සියල්ලන්හට ආරක්ෂාව උදාකරගැනීමේ පොදු අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මෙම සමුළුවෙහි ඇති විභවයන් යෙදෙවීම වෙනුවට ජාත්‍යන්තර තලයේ නිරන්තරයෙන් සිදුවන වෙනස්කම් අනුව මෙම සමුළුවේ මූලික කාර්යයන් තීරණය කිරීමේ පෙළෙඹවීම්වලට හසු නොවන ලෙසද හෙතෙම මෙම සමුළුවේ සාමාජික රටවල්වලින් ඉල්ලා සිටියේය.
     
    මෙම සමාරම්භක සැසියේදී සභාව ඇමතූ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණය සම්බන්ධ ප‍්‍රධාන නියෝජිත ඉසුමි නකමට්සු මහත්මිය වර්තමාන ගෝලීය අභියෝග හමුවේ එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ වැඩසටහනෙහි අරමුණු සහ එය හරහා සිදුකළ හැකි කාර්යභාරය යළි විමසා බැලිය යුතු කාලය උදාවී ඇති බව පැවසුවාය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා නිරායුධකරණ සමුළුව සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවද ඇය මෙහිදී අවධාරණය කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya