නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පුළුල් කර ග්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් Featured

    ජනවාරි 25, 2018

    ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පුළුල් කර ග්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.

    ලේකම්වරයා මේ බව සඳහන් කළේ, අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ජනමාධ්‍ය ශිෂ්‍යත්ව  ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම පුළුල් කිරීම හා ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා අවශ්‍ය පදනම් තොරතුරු රැස්කිරීමට දැනුම් දී ඇති බවත්
    ලේකම්වරයා පැවසීය.

    මෙම ආයතනය ඉහළ නැංවිය හැකි සැලසුම් සහිත වාර්තාවක් අමාත්‍යවරයා වෙත ලබාදෙන බවද සඳහන් කළ ලේකම්වරයා, ''අපේ රටේ තිබෙන පුහුණු කිරීමේ ආයතන පර්යේෂණ ආයතන බැලුවාම,ජනමාධ්‍ය ආයතනය පුළුල් කරලා, ධාරිතාවය වැඩි කරලා, ජනමාධ්‍යවේදීන් ඉදිරියේ දී එම ආයතනයට බඳවා ගෙන වෘත්තීයභාවය ඉහළ මට්ටමකට නැංවිමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මාර්තු මස 31ට ප්‍රථම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද වැඩිදුරටත් ලේකම්වරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya