අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනව සත්බුදු මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කෙරේ Featured

    ජනවාරි 21, 2018

    රත්මලාන, බොරුපන, එගොඩහේන සිරි විසුද්ධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සත්බුදු මහා චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ සහ රන් ආලේපිත බුද්ධ ප‍්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්  ඊයේ (20) පෙරවරුවේ පැවැත්විණි.

    අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා විහාරාධිපති පූජ්‍ය පරදන්වල කළ්‍යාණ ධජ ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.

    අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව අභිනව බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම මල් පහන් පූජාව ද සිදු කළේය.

    මධ්‍යම පළාත් ප‍්‍රධාන සංඝනායක මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය ගම්පොළ සුගුණ ධජ නායක හිමිපාණන් වහන්සේ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව සිදුකළහ.

    චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිර්මාණය කළ ආර්.එම්. ගාමිණී මහතාට ජනාධිපතිතුමා අතින් සමරු තිළිණයක් ද ප‍්‍රදානය කෙරිණි.

    නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැහැදැවතුන් විශාල පිරිසක් පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya