අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිපත්තිගරුක,විනයගරුක,ආණ්ඩුවක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට හැකි වුණා-වර්තමාන දූෂණ චෝදනා ගැනත් සොයා බලනවා Featured

    ජනවාරි 18, 2018

    බැදුම්කර චෝදනා එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහාය දුන්නා. කොමිෂමේ නිර්දේශ ක්‍රියාමාර්ග ගන්නත් උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිගරුක, විනයගරුක ශීලාචාර, ආණ්ඩුවක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අපට හැකි වී තිබෙන බවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (18) පැවසීය.

    ''අප බලයට ආවේ දූෂණය නවත්වන්නයි.බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව චෝදනා නැගුණා.අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ. සති දෙකක් ඇතුළත විමර්ශන කොමිටියක් පත් කළා.විමර්ශන කාලයේ දී මහබැංකු අධිපති රාජකාරි
    කටයුතුවලින් ඉවත් වුණා.පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරුම්කාරක සභාවක් පත් කරන්න කියලා, මම දැනුම් දුන්නා.විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වෙනකම් කෝප්
    කමිටුවේ සභාපති හැටියට සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වර්තමාන පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතීත්වය විපක්ෂ මන්ත්‍රිවරයකුට දුන්නා. ඊට පසුව කොමිටිය මඟින් බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව
    අධීක්ෂණය ආරම්භ කළා.''

    ''ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.විවාදය කළා. මේ වාර්තාව සඳහ සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 31ක් වෙනිදා නීතිපතිවරයාට යොමු කළා.විශේෂයේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ගැන වැඩිදුර
    පරීක්ෂණ පැවැත්විය යුතු බව කෝප් කොමිටිය නිර්දේශ කර තිබුණා.''

    ''ඒ අනුව ජනාධිපතිතුමා මා සමඟ සකච්ඡා කර ජනාධිපති කොමිෂමක් පත් කළා.කොමිෂමේ කටයුතුවලට අපි සහාය දුන්නා.අපේ ඇමැතිවරු කොමිෂම හමුවට ගියා. මමත් ගියා.චෝදනාවක් එල්ල වූ විට එය විමර්ශනය කිරීම
    සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිදු ආණ්ඩුවක් නැහැ. තුන් වතාවක් කොමිටි මාර්ගයෙන් මේ ගැන අපි පරීක්ෂා කළා.''

    ''ගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදී මේ ආකරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිදු අවස්ථවක ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්න කළ
    අවස්ථාවේ දී පවා පිළිතුරු ලබාදුන්නේ නෑ. ලංකාවේ මූල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව මෙම බලය අමතක කර තිබුණා.''

    ''අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යළි තහවුරු කරන්නයි කෝප් කොමිටියට හා පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.ඒ වගකීම එතැනින් ඉවත් කරන්න බෑ. මින් පෙනෙන්නේ පාර්ලිමේන්තුව මූල්‍ය බලය
    තිබෙන ශක්තිය බලය ප්‍රදර්ශනය කිරීමක් මේ බැදුම්කර සිද්ධිය උඩ අපි දැක්කා.''

    ''ආණ්ඩුවත් විනිවිදභාවයෙන් ක්‍රියාකරන බව හොඳම උදාහරණයක්.මේ බැදුම්කර නිසා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2ක් උපයගෙන කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා. මා ඇමැතිධූරයා දරණ
    ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති මහ බැන්කුව මේ වනවිටත් සමාගමේ බිලියන 12ක මුදලක් රඳවාගෙන තිබෙනවා.''

    ''ඒ නිසා කොමිෂමේ නිර්දේශ අනුව රුපියල් බිලියන 9.2ක් නැවත ලබාගන්න පුළුවන්.අපි ඒ සඳහා කොමිෂම විසින් නිර්දේශ කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මුළු මුදලම රජයට ලබාගන්න පුළුවන්. රජයට කිසිදු
    අලාභයක් සිදුවන්නේ නෑ.''

    ''මේ වංචාවට කිසියම් නිලධාරීන් පිරිසක් හවුල් වී නම් ඒ අයට නීතිය අනුව ක්‍රියාකරනවා. බැදුම්කර චෝදනා එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහාය දුන්නා.කොමිෂමේ නිර්දේශ
    ක්‍රියාමාර්ග ගන්නත් උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා.අපේ ආණ්ඩුව ප්‍රතිපත්තිගරුක විනයගරුක ශීලාචාර ආන්ඩුවක් බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අපට හැකි වී තිබෙනවා.''


    ''මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් මෙලෙස ක්‍රියාත්මක කළ ඉතිහාසයක් අප දුටුවේ නෑ.අපේ ඇමැතිවරු ඉල්ලා අස් වුණා.නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලිගැසීමක් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා.ජනතාව නිදහසේ අඳහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතිව කටයුතු කලා.එපමණක් නොව වාර්තාවේ චෝදනා ලබන අපේ පක්ෂයේ සමාජිකයන් ඉන්නව නම් ඒ අය පිළිබඳ සොයා බලා තීරණයක් ගන්න තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත් කර තිබෙනවා.''

    ''එම කොමිටියේ නිර්දේශ අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා.එක්සත් ජාතික පක්ෂය සම්ප්‍රදායක් ඇති කරලා, ක්‍රියාත්මක කරනවා. අපේ පක්ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සම්ප්‍රදාය අනුව යමින් අපි රට හදනවා, ගම හදනවා.යහපත් රටක් මේ රටට උදා කරනවා.ජනවාරි 8 වැනිදා මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස යහපත් සමාජය අපි උදා කරනවා.


    ''එය එක් දවසකින්,එක් රැයකින් කරන්නට පුළුවන් දෙයක් නොවේ.මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් දෙක ගැනම එක සේ අවධානය යොමු කරනවා.අපි හරි පාරේ
    ඉදිරියට යනවා කියා ඔප්පු වෙනවා. වැරදි නිවැරැදි කරගන්නවා.අපු පාඩු සකස් කරගන්නවා.බැදුම්කරය පිළිබඳව චෝදනා එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියාමාර්ගවලින් පෙනෙන්නේ, අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි.අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා පමණක් ගැන නොවෙයි.වර්තමානයේ දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ශනය කරනවා. නිසි පියවර ගන්නවා.අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කරන්න අපේ අරමුනයි. ඒ අරමුණ ජයගැනීම සඳහා අපි එකට එකතුව කටයුතු කරමු.''

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya