අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටිය සහ ඇල්පිටිය රෝහල් නව වාට්ටු සංකීර්ණවලට මුල්ගල් තැබීම 19 දා

    ජනවාරි 17, 2018
    ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 09 කින් යුත් අංග සම්පුර්ණ ළමා වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීම සහ ඇල්පිටිය මුලික රෝහලේ මහල් 08 කින් යුත් වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (19)  දින සිදු කිරීමට කටයුතු යොදා ඇත.
     
    එදින පෙරවරු 10.00 ට කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා වාට්ටු සංකිර්ණයට මුල්ගල් තැබෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1587  ක් වේ. එදින පස්වරුවේ ඇල්පිටිය මුලික රෝහලේ වාට්ටු සංකිර්ණයට මුල්ගල් තබන අතර, ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2065 කි.
     
    මෙම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විඡේලාල් ද සිල්වා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගිවීමට නියමිතය. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya