අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය විනාශ කෙරේ Featured

    ජනවාරි 15, 2018
    අත්අඩංගුවට ගන්නා අන්තරාදායක මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම පසුගිය දින  ජනාධිපති මෛත්‍රීපාල, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර, නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක සිදු කෙරිණි.
     
    මෙම මත්ද්‍රව්‍ය තොගය ඉක්වදෝරයේ සිට බෙල්ජියම හරහා ඉන්දියාව තෙක් ප්‍රවාහනය කිරීමට සැලසම් කොට තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 900කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීම සිදු විණි. 
     
    මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කිරීම පිළිබඳ ව නීතිපතිවරයාගේ විමසීමෙන් අනතුරුව, විෂ මත්ද්‍රව්‍ය අබින් සහ අන්තරායදායක ආඥා පනතේ වගන්ති ප්‍රකාරව අධිකරණ නියෝගයක් මත විනාශ කිරීම සිදු කොට ඇත.
     
    රුක්ෂලතා, ජලය, වාතය, සතුන් හා මහජනතාව නොමැති පරිසර තත්ත්වයක් යටතේ සෙල්සියස් අංශය 2000ක තාපාංකයකින් විනාශ කිරීම සිදු කෙරේ. 
     
    මෙම මත්ද්‍රව්‍ය තොගය Insee eco ceycle ආයතනය විසින් විනාශ කිරීම සිදු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya