අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව Featured

    ජනවාරි 13, 2018
    ශ්‍රී ලංකාවේ හෙද හෙදියන්ට කොරියාවේ ඉන්ජේ (Inje) විශ්ව විද්‍යාලයේ පුහුණුව ලබාදීම ඇතුලු කරුණු කිහිපයකට අදාලව මෙතෙක් පැවැති ගිවිසුම නව ගිවිසුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි.
     
    සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්ජේ විශ්ව විද්‍යාලය අතර, 2013 වසරේ අත්සන් කළ ගිවිසුම 2017 වසරේ දී අවසන් විය. 
     
    නව ගිවිසුම අනුව හෙද අධ්‍යාපනය, හදිසි ප්‍රතිකාර සේවා හෙද සේවාව, හෙද පශ්චාත් උපාධි පාඨමාලව ක්‍රියාත්මක කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ හෙද පීඨයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමට ද ඉන්ජේ විශ්ව විද්‍යාලය එකඟත්වය පළ කර ඇත.
     
    2017 වසරේ දී ගිවිසුම අත්සන් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා කොරියාවේ කළ සංචාරයක දී කළ ඉල්ලීමකට අනුව නව ගිවිසුම අත්සන් කරන ලදි. 
     
    ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඉන්ජේ විශ්ව විද්‍යාලයේ නිලධාරීන් විසින් ගිවිසුම් අත්සන් කළ අතර, ඉන් පසු ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු සිහිවටනයක් ද පරිත්‍යාග කරන ලදි.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya