අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුධිරය පරිත්‍යාග කරන්න - ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය Featured

    ජනවාරි 09, 2018
    ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ සෑම වසරක ම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිරය පරිත්‍යාග කිරීම ද අවම වන බවයි. එම නිසා රුධිරය හිඟයක් ඇතිවිය හැකි බැවින් රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් කඩිනමින් රුධිරය පරිත්‍යාග කර ගැනීමට සිදුව ඇති බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. 
     
    එම නිසා නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ලඟම පිහිටි රෝහලේ රුධිර මධ්‍යස්ථානයට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    මේ පිළිබඳ වැඩිදුර විස්තර සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා - 0777 586 596

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya