අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාවත්කාලීන කරන ලද ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැලැස්ම සෞඛ්‍ය ඇමැතිට පිරිනැමේ Featured

    ජනවාරි 07, 2018

    වසර 40 කට පසු යාවත්කාලීන කරන ලද ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැලැස්ම සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාවෙත පිරිනැමීම පසුගිය දා සිදු විය.

    පළාත් දේශීය වෛද්‍ය අමාත්‍ය සම්මේලනය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී පසුගියදා පැවැත් වූ අතර එම අවස්ථාවේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ස්වර්ණා හපුආරච්චි මහත්මිය විසින් අදාළ සැලැස්ම පිරිනැමුවය.

    සාමාජිකයින් 15 කගෙන් යුත් කමිටුවක් විසින් මෙම ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ සැළැස්ම සකස් කළ අතර, එය නිසි පරිදි සකස් කිරීම සදහා වසර 05 ක කාලයක් ගත වන බව එම කමිටුව සදහන් කරයි.

    ආයුර්වේද ඖෂධවල ප්‍රමිතිය පාලනය කිරිම මෙන්ම ජාත්‍යන්තර වශයෙන් එම ඖෂධ පිළීගැනීම සදහා ඖෂධ සංග්‍රහය යාවත්කාලීන කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, අතිරේක ලේකම් එල්.එචි තිලකරත්න මහතා, ගීතමනී කරුණාරත්න මහත්මිය, ආයුර්වේද කොමසාරිස් මංගලා කරුණාරත්න මහත්මිය සහ පළාත් දේශීය වෛද්‍ය අමාත්‍යවරුන්, නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya