අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපන් විදේශ කටයුතු ඇමැති ශ්‍රී ලංකාවේ සංචාරයක

    ජනවාරි 04, 2018
     
    ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
     
    ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු  වීම විශේෂත්වයකි.
     
    ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු බැහැදැකීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
     
    ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya