අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනපති ඉටුකරන මෙහෙවර අගයමින් ජාත්‍යන්තර සම්මානයක්

    ජනවාරි 03, 2018

    ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් පසුගියදා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

    ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 08 වනදා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම  (02) දහවල් ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම් සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

    සමාජ පිළිලයක් වූ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලබාදෙන දූරදර්ශී සහ ස්ථීරසාර නායකත්වය ද, වසර 2020 වන විට ශී‍්‍ර ලංකාව තුළ දුම්කොළ භාවිතය තුරන් කිරීම සඳහා ගන්නා ලද තීරණය සහ ඒ වෙනුවෙන් සිදුකරන කැපවීම ද, ශ‍්‍රී ලාංකීය ජන සමාජය තුළ මත්ද්‍රව්‍යවලින් තොරවීමේ ඇති වටිනාකම තහවුරු කරමින් වියැකෙමින් පවතින බොදු සාරධර්ම සහ ආධ්‍යාත්මික ගුණවගාවන් ප‍්‍රතිස්ථාපනය කිරීම උදෙසා සිදුකරන අමිල මෙහෙවර ද මෙහිදී වැඩිදුරටත් ඇගයීමට ලක් කර තිබුණි.

    මේ අතර මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් සිය ශ‍්‍රමය සහ ධනය කැප කරමින් දශක තුනකට අධික කාලයක් පුරා සිදුකරන ලද මෙහෙවර අගයමින් “මිතුරු මිතුරෝ සංසදයේ” නිර්මාතෘ පූජ්‍ය කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමින් වහන්සේ වෙත මෙම ජාත්‍යන්තර සම්මේලනයේදී පිරිනැමුණු සම්මානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.

    ඇමතිනි තළතා අතුකෝරාළ මහත්මිය සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවින්ද්‍ර ප‍්‍රනාන්දු,මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya