අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ පෙළපොත් පිළිබඳව එල්ලවන චෝදනාවලට කොමසාරිස් පිළිතුරු දෙයි Featured

    දෙසැම්බර් 30, 2017
    නොමිලේ ලබාදෙන පෙළ පොත් විකිණීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට පැතිරී යන මත සම්පූර්ණයෙන් අසත්‍යය බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා පැවසීය.
     
    පෙළ පොත් විකුණන බවට විවිධ පාර්ශව විසින් එල්ල කරන විරෝධතා, කරුණු සොයා බැලීමකින් තොරව, විවිධ කණ්ඩායම් වල උසිගැන්වීම් හේතුවෙන් සිදුකරන විරෝධතා බව කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
     
    මේ වසරේ දී ද රුපියල් බිලියන 3 කට අධික මුදලක් පෙළ පොත් මුද්‍රණය සඳහා වැය කොට ඇති බවත්, රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ පවතින අධික කාර්යය බහුලත්වය හේතුවෙන් ඇතැම් පොත් වර්ග කිහිපයක් පමණක් හැරුණු කොට සෙසු සියලුම පොත් වර්ග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබී ඇති බවත්, ඒවා සිසුන් වෙත බෙදා දීමට ද කටයුතු කර ඇති බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
     
    මෙතෙක් නොලැබුණු පොත් ද ඉක්මණින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාගෙන ඒවා කඩිනමින් සිසුන් වෙත ලබා දීමට පියවර ගන්නා බව ද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කීය.
     
    එමෙන්ම පෙළ පොත් වෙනුවට වවුචරයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවට පැතිර යන මත ද සම්පූර්ණයෙන්ම අසත්‍යය බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා එවන් කිසිදු තීරණයකට එළඹ නොමැති බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
     
    විවිධ පාර්ශව විසින් විරෝධතා සිදුකළ ද පෙළ පොත් ලැබී නොමැති බවට සිසුන්ගෙන් හෝ මාපියන්ගෙන් මෙන්ම කිසිදු අධ්‍යයන පාර්ශවයකින් හෝ චෝදනා හෝ පැමිණිලි ලැබී නොමැති බවත් එම අදාළ පාර්ශවයන්ගෙන් එවන් පැමිණිල්ලක් ලද වහාම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සතුව පවතින පෙළ පොත් සංචිත තුළින් අවශ්‍ය පෙළ පොත් ලබා දීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ මහතා ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya