අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යහපත් සිතින් යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරමු - අගමැති Featured

    දෙසැම්බර් 25, 2017

    අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා නත්තල් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

    "සාමයේ, ප්‍රේමයේ සුබාරංචිය ගෙන දේව පුත්‍ර ක්‍රිස්තුන් වහන්සේ ඉපදීම සමරන නත්තල, කිතුනු ජනතාව අතිඋත්කර්ෂවත්ව සමරන ආගමික උත්සයකි. මේ වන විට එය කිතුනු ජනතාව පමණක් නොව වාර්ගික, ආගමික භේදයකින් තොරව බහුතර ලෝකවාසීන්  සමරන සංස්කෘතික උත්සවයක් බවටද පත්ව ඇත.

    ජනතාව රෝම අධිරාජ්‍යයේ සමාජ, ආර්ථික ක්‍රමය තුළ පීඩාවට පත්වෙමින් තිබූ වකවානුවක ක්‍රිස්තුන් වහන්සේ උපදින්නේ දිළිඳු ගවහලක, දිළිඳු මව්පිය යුවලකගේ පුතකු ලෙසිනි. උන් වහන්සේ සිය ජීවිතයම කැප කළේ භෞතික, මානසික, අධ්‍යාත්මික දිළිඳුභාවයෙන්, පීඩිතභාවයෙන් මිදීම සඳහා ආදරය, දයාව හා කරුණාව සපිරි යහපත් සමාජයක් නිර්මාණය කරලීම වෙනුවෙනි.
    අද අප සමාජය ඉල්ලා සිටින්නේද වාර්ගික, ආගමික භේද ඉක්මවූ සාමය, සංහිදියාව පිරුණු යහපත් පරිසරයකි. ගුණ දම් සපිරි වටපිටාවකි. නීතිය, සාමය හා යුක්තිය රජයන යහපත් දේශයකි.

    යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද උපදවන බව ශුද්ධ වූ බයිබලයෙහි සඳහන් ය. එහෙයින්, අප සැම අරමුණු කර ගත යුත්තේ යහපත් දේ සිතෙහි නිදන් කොට ගෙන, යහපත් මිනිසුන් ලෙස සමාජය පෝෂණය කරලීමටය.

    සාම කුමාරයාණන් ලෙස හැදින්වෙන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ නත්තල් දිනය සමරන අප සැමට නත්තල අර්ථවත් කර ගත හැක්කේ එවිටය. ඔබ සැමට අසිරිමත් හා අර්ථවත් නත්තලක් වේවා..!"

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya