මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මසකට සහල් ටොන් ලක්ෂය බැගින් ආනයනයට පියවර Featured

    දෙසැම්බර් 15, 2017
    මෙම උත්සව සමයේ අවශ්‍ය තරම් සහල් පාරිභෝගිකයන්ට පහසුවෙන් හා දැරිය හැකි මිලකට ලබා ගැනීමට  හැකි වන පරිදි සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂය බැගින් මාසිකව ආනයනය කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සභාව තීරණය කරයි. 
     
    මේ අතර 2017/18 මහ කන්නයෙන් හා 2018 යල කන්නයෙන් ලැබෙන වී අස්වැන්න  පිළිබඳව පුරෝකතනයක් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයෙන්  සිදු කිරීමට නියමිත අතර එම පුරෝකතනය මත අවශ්‍ය තරම් වී නිෂ්පාදනයක්  වෙළෙඳපොළට ලැබෙන තෙක් මසකට සහල් මෙ. ටොන් ලක්ෂය බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. 
     
    ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙ.ටොන් 24 ලක්ෂයක් පමණ වේ. මෙම වසරේ දී මේ වන තෙක් සහල් මෙ.ටොන් 670,000ක් පමණ ආනයනය කර ඇත. එය  වාර්ෂික  පරිභෝජනයෙන් 30%ක් පමණ වේ. 
     
    ලබන වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු දක්වා හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත් කිරීම පිණිස ඕනෑ ම පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇත. 
     
    ඒ අනුව ආනයනික සහල් මත පනවා තිබූ කිලෝ ග්‍රෑම් එකකට ශත 25 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දේ වලංගු කාලය 2018 වසරේ මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
     
    මීට අමරතව පරිප්පු, ටින්මාළු, ලොකු ලූණු, අල, සීනි සහ හාල් මැස්සන් වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යය ද හිගයකින් තොරව පාරිභෝගියන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. එම ද්‍රව්‍ය ආනයනික මිලට ම ශ්‍රී ලංකාවේ ඕනෑ ම ප්‍රදේශයක අලෙවි කරන බවට ආනයනකරුවන් රජයට පොරොන්දු වී තිබේ. ඒ සඳහා ඔවුන්ට දැරීමට සිදු වන අමතර වියදම් වන ආනයන බදු, ගබඩා වියදම් ආදිය වෙනුවෙන්  රජය මගින් සහන ලබා දෙනු ඇත. 
    මේ අතර පොල් සඳහා තිබෙන ඉල්ලුමට විකල්පයක් වශයෙන් පොල් මද තීරු බද්දෙන් තොරව ආනයනයට කිරීමටත් පොල් කිරි නිෂ්පාදකයන්ට හා කර්මාන්තකරුවන්ට අවසර ලබා දී තිබේ. පොල් මද ක්ෂණිකව වරායෙන් නිශ්කාෂණය කරගත හැකි වන පරිදි අවශ්‍ය අනුමැතිය එක් දිනකින් ලබා දීමටත් අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya