අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ "බිජෝයි" කොළඹ වරායට

    දෙසැම්බර් 07, 2017
    බංග්ලාදේශ නාවික හමුදාවට අයත් "බිජෝයි" නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (06) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමල් හකීම් මහතා ද සහභාගී විය.
     
    තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. 
     
    නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 08දා මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya