අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සා/පෙළ උපකාරක පන්ති අද සිට තහනම්

    දෙසැම්බර් 06, 2017

    අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (06) මධ්‍යම රාත්‍රී 12.00 සිට  විභාගය අවසන් වන ලබන 21 වැනිදා දක්වා සම්පූර්ණයෙන් තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කරයි.

    ඒ අනුව එම කාලය තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ  කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

    යම් අයෙක් හෝ ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුවහොත් ඒ තැනැත්තා හෝ ආයතනය හෝ එම පාර්ශවය මේ සඳහා වන පනත යටතේ වරදකරුවෙකු ද වේ.

     

    2013.06.21 දින නිකුත් කරන ලද අංක 1816 ගැසට් නිවේදනය ප්‍රකාරව 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගය අනුව මෙය ක්‍රියාත්මක වේ.

     

    කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග යම් ආකාරයකින් හෝ කඩකිරීමක් හෝ උල්ලංඝනය කිරීමක් සිදු කළ හොත් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පහත සඳහන් දූරකතන අංකවලට පැමිණිලි කළ හැකි බව ද ඒ මහතා සඳහන් කරයි.

     

    විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය - 1911
    පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011- 2784208, 0112784537, 0113188350, 0113140314

    පොලිස් මූලස්ථානය - 0112421111
    පොලිස් හදිසි ඇමතුම් අංකය - 119

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya