මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන මැතිවරණය ජනවාරි - අගමැති Featured

    නොවැම්බර් 28, 2017
    කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
     
    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) සහභාගිවෙමිනි. මෙම අවස්ථාවට සියලු පක්ෂ ප්‍රධානීහු, නීතිපතිවරයා හා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාද සහභාගි වූහ.
     
    ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබඳ ව අවධානය යොමු කිරීම සඳහා මෙම රැස්වීම විශේෂ හදිසි රැස්වීමක් ලෙස පැවැත්විණි.  අදාළ විෂයභාර අමාත්‍ය ෆවුසර් මුස්තාපා මහතාද විශේෂයෙන් මේ සඳහා එක් විය. රැස්වීම සඳහා එක් වූ සියළු පාර්ශ්වයන් විසින් ඒකමතිකව අවධාරණය කරන ලද්දේ කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවය. 
     
    පසුගිය දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා වශයෙන්  කටයුතු කළ වර්තමාන කථානායකවරයාගේ අනුදැනුමෙන් ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද 21.08.2015 ගැසට් පත්‍රයද  මෙම රැස්වීමේදී පුළුල් ලෙස අධීක්ෂණයට ලක් විය. එමෙන් ම පසුගිය රජය විසින් පෙර සකස් කර තිබූ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කොට, දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින්, එහි අඩංගුව තිබූ යෝජනා දිස්ත්‍රික්  ලේකම්වරුන් සහ  ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර නැවත නිවැරදි කරන ලෙසද නියෝග කරන ලදී. පළමු වාර්තාව සැකසීමේදී අදාළ නිලධාරීන්  සමග නිසි සම්බන්ධීකරණයක් නොවූයෙන් කිසියම්  ආකාරයක පක්ෂග්‍රාහීත්වයක් සිදුව ඇති බවට එල්ල වී තිබූ චෝදනා හේතුවෙන් එය ප්‍රතික්ෂේප විය.  
     
    මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු පහත සඳහන් තීරණවලට එකඟ විය.
     
    1.      අධිකරණයට කඩිනමින්  මෝසමක් ඉදිරිපත් කර අධිකරණ තීරණය ඉක්මනින් ලබා ගැනීම, හෝ
     
    2.      හැකි නම් එම පෙත්සම් ඉල්ලා අස්කරවා ගැනීමට ඇති හැකියාව සොයා  බැලීම හෝ
     
    3.      එම ප්‍රවේශයන් 2 අසාර්ථක වුවහොත් 2015 ගැසට් පත්‍ර සීමා උපයෝගී කර ගනිමින් මෙම මැතිවරණය පැවැත්වීමේ හැකියාව සොයා බැලීම. (මෙහිදී ගැටලුව  බවට පත්ව ඇත්තේ බහු ආසන ඇති කොට්ඨාශ 64 නිසා ඉතිරි කොටස් වෙනුවෙන් 2015 ගැසට් පත්‍රය ක්‍රියාත්මක කළ හැකි බවට අදහසක් ඉදිරිපත් වූ හෙයින් ඒ පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.)
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya